රනිල් පරණ සගයන් යළි ගනී Featured

Published in පුවත්
Friday, 03 October 2014 09:46

ඉමිතියාස්‌ බාකිර් මාකර්, පාලිත රංගේ බණ්‌ඩාර, චන්ද්‍රා ගන්කන්ද යන හිටපු සාමාජිකයන්ට නැවත එක්‌සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්‌ඩල සාමාජිකත්වය හිමිවීමට නියමිතය.

පක්‍ෂයේ පැවැති විවිධ අර්බුද හේතුවෙන් ඔවුන්ට එම සාමාජිකත්වය අහිමි වූ අතර පක්‍ෂය තුළ සමගිය ඇතිවීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ඔවුහු යළි කෘත්‍යාධිකාරි මණ්‌ඩලයට පත්වෙති.



පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්‌ඩාර මහතාට එම සාමාජිකත්වය අහිමි වූයේ පක්‍ෂය විසින් ගත් විනය ක්‍රියාමාර්ගයක්‌ නිසාය.

එජාප ජාතික සංවිධායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්‌ඩාර මහතාගේ නම යෝජනා කළ ඉමිතියාස්‌ බාකිර් මාකර් මහතා සහ චන්ද්‍රා ගන්කන්ද මහතා ද පසුව කෘත්‍යාධිකාරි මණ්‌ඩල සාමාජිකත්වයෙන් ඉවත් කෙරුණි.

මේ තිදෙනා මීළඟ කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමේදී ඊට නම් කෙරෙන අතර, එහි පවතින තවත් පුරප්පාඩු කීපයකට ද සාමාජිකයන් පත් කෙරෙන බව එජාප ආරංචි මාර්ග පවසයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us