දැරියට අතවර කළ මාමලා සහ පෙම්වතා රිමාන්ඩ්

Published in පුවත්
Friday, 03 October 2014 09:35

වසර තුනක්‌ තිස්‌සේ බාල වයස්‌කාර දැරියකට ලිංගික අතවර කළ බව කියන ගුවන් හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක්‌ ඇතුළු පුද්ගලයන් තිදෙනකු ලබන 09 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මොරටුව අතිරේක මහෙස්‌ත්‍රාත් මොහොමඩ් නිහාස්‌ මහතා ඊයේ (02 දා) නියෝග කළේය.



දැරිය ලිංගික අපයෝජනයට ලක්‌ කළ බවට චෝදනා ලත් ගුවන් හමුදා බුද්ධි අංශ සාමාජිකයා ඇතුළු සැකකරුවන් දෙදෙනකු ඇයගේ මවගේ සොහොයුරන් වන බව ද අනෙක්‌ තැනැත්තා ඇයගේ පෙම්වතා බව ද මොරටුමුල්ල පොලිසිය සඳහන් කර සිටී.

මොරටුමුල්ල ප්‍රදේශයේ වෙසෙන මෙම දැරියට වයස අවුරුදු එකොළහේ සිට ඇගේ මවගේ සොහොයුරන් දෙදෙනා (මාමා) විසින් ලිංගික අපයෝජනයට ලක්‌ කරමින් සිට ඇතැයි පොලිසිය වෙත ලැබී ඇති පැමිණිල්ලේ සඳහන්ය.

මෙම දැරියගේ වයස මේ වන විට අවුරුදු දහතුනකි. ප්‍රදේශයේ ජීවත්වන අනෙක්‌ සැකකරුද මෑතක සිට දැරිය සමඟ පෙම් සබඳතාවක්‌ ඇතිකර ගෙන තිබෙන අතර ඔහුද ඇය ලිංගික අපයෝජනයට ලක්‌ කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් වෙයි.

මේ පිළිබඳ ඇගේ දෙමවුපියන් පොලිසියට කළ පැමිණිල්ලට අනුව කළ පරීක්‍ෂණයේදී මීට පෙර තමාව මාමල දෙදෙනා විසින් ලිංගික අපයෝජනයට ලක්‌ කළ බව දැරිය පොලිසියට ප්‍රකාශ කර තිබේ.

ගල්කිස්‌ස ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා සහ මොරටුව සහකාර පොලිස්‌ අධිකාරිවරයාගේ උපදෙස්‌ හා මොරටුමුල්ල පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගේ අධීක්‍ෂණය යටතේ මොරටුමුල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති අනුර වීරසේකර මහතා සහ කාන්තා පොලිස්‌ නිලධාරී ((8187) සඳමාලි මහත්මිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

අපයෝජනයට ලක්‌ වූ දැරිය පරිවාස භාරයට පත්කිරීමට ද මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us