ඉන්දියානු කී‍්‍රඩිකාව විනිසුරු තීරණයට පිටුපා පදක්කම විසිකරයි

Published in පුවත්
Friday, 03 October 2014 09:48

ඉන්දියානු බොක්සිං කී‍්‍රඩිකා සරීටා දේවි තමන්ට හිමි වූ ලෝකඩ පදක්කම ප‍්‍රතික්‍ෂේප කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආසියානු කී‍්‍රඩා උලළේ සංවිධායක කමිටුව කනස්සල්ල පළ කර ඇත. 

ඔවුන් පෙන්වා දෙන්නේ ඇය සිදුකළ කි‍්‍රයාව කණගාටුදායක මෙන්ම කී‍්‍රඩාවේ ජීව ගුණයටද එරෙහිව යාමක් බවයි. 



බොක්සිං කී‍්‍රඩිකා සරීටා දේවි තමන්ට හිමිවූ පදක්කම ප‍්‍රතික්‍ෂේප කරමින් අවධාරණය කළේ අවසන් පූර්ව තරගයේදී තමා ලැබූ පරාජයට විනිසුරුවරුන් වගකිව යුතු බවයි.


කිලෝග‍්‍රෑම් 57 - 60 සැහැල්ලූ බර පංතිය යටතේ තරග වැදුනු ඇය දකුණු කොරියානු කී‍්‍රඩිකාව හමුවේ එක ලකුණකින් පරාජයට පත් විය. ඒ අනුව සරීටා දේවිට හිමි වුයේ ලෝකඩ පදක්කමය.


පදක්කම් ප‍්‍රදානෝත්සවයේදී ඇය තමන්ට හිමිවූ ලෝකඩ පදක්කම, එම ඉසව්වේ රිදී පදක්කම ජයග‍්‍රහණය කළ දකුණු කොරියානු කී‍්‍රඩිකාවට පිරි නැමීමට කටයුතු කළාය. පසුව දකුණු කොරියානු කී‍්‍රඩිකාව යළි එම පදක්කම සරීටා දේවිට ලබාදීමට උත්සාහ කළත් ඇය විසින් එය වළක්වනු ලැබුවාය. 


මේ අතර සරීටා දේවි පරාජයට පත් වූ තරගයේදී විනිසුරුවන් ලබාදුන් තීරණයට විරෝධය පළ කරමින් ඉන්දීය කි‍්‍රඩා බලධාරීන් ජාත්‍යන්තර ආධුනික බොක්සිං සංගමයට අභියාචනයක් කළද එය ප‍්‍රතික්‍ෂේප විය. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us