එක් බස් රථයක් සඳහා රුපියල් 3,600,000.00ක් වැය වන අතර මේ සඳහා වැය වන මුළු මුදල රුපියල් මිලියන 288.00කි.
මෙම නව ආසන 35ක් සහිත දොර දෙකේ අශෝක් ලේලන්ඩ් ලින්ක්ස් බස් රිය 80ක් සැපයීම ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම වෙත බාර දීමට නියමිතය.
නමුත් මීට පෙර ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සඳහන් කර තිබුණේ චීන සමාගමක් ශ්‍රී ලංගම සඳහා බස් සැපයීමට කැමැත්ත පළ කර ඇති බවය.
නමුත් පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී එම බස් රථ සැපයීමේ ටෙන්ඩරය අශෝක් ලේලන්ඩ් සමාගමට ලබා දී තිබේ.
(asianmirror)