ලංකාවේ සාක්ෂරතාව 98% තරම් ඉහළ නගිද්දී අද වන විට උපාධිය අධ්‍යාපන සුදුසුකමක් පමණක් බවට පත්වී අැති බවත් එය රැකියා සුදුසුකමක් නොවන බවත් ඔහු පැවසුවේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ
'ඉගෙන ගත්ත හැමෝටම ආණ්ඩුවෙන් රස්සා දෙන්න ඕන කියලා මේ රටේ හැමෝම හිතුවට එහෙම දෙන්න පුළුවන්කමක් නෑ. දැන් තියෙන තත්ත්වයත් එක්ක රාජ්‍ය සේවය තවත් පුළුල් කරන්න පුළුවන්කමක් නෑ. භාගයක්වත් අතුරුදහන් කරන්න වෙනවා තව රැකියා දෙන්න නම්. එහෙම කරන්නත් බෑනේ . ඒ නිසා ඉගෙන ගන්න අපි කළ යුත්තේ ජීවිතය ජය ගත හැකි වෙනත් මාර්ග සොයා ගැනීමයි.'
ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) මිහින්තලා ආසනයේ ලබුනෝරුව සන්දනම්කුලම ගම්මානයට විදුලිය පහසුකම් ලබා දීමේ අවස්ථාවට එක් වෙමින්ය.රුපියල් ලක්ෂ 70 ක වියදමින් විදුලමු ලංකා ව්‍යාපෘතිය යටතේ මෙම ගම්මානයේ පවුල් 70 කට මෙමගින් විදුලිය පහසුකම් සැපයිණි.