පාර්ලිමේන්තුවේ 50%ක් මන්ත‍්‍රීවරු උසස්පෙළ අසමත්

Published in පුවත්
Wednesday, 01 October 2014 11:40
ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රීවරුන් 50%ක තරම් ප‍්‍රමාණයක්වත් උසස් පෙළ සමතුන් නොවන  බවට සංවාදයක් ඇති වී තිබෙන නිසා මින් ඉදිරියේදී පළාත් පාලන ආයතන, පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණ සදහා උපාධිධාරීන්, උගතුන්, බුද්ධිමතුන් හා වෘත්තිකයන් නියෝජනය කිරීෙම් අවශ්‍යතාවක් මතුවී තිබේ.
ඒ අනුව ඒවැන්නන් සදහා  60%ක අවස්ථාවක් ලබාදෙන ලෙසට පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කරන බව ශ‍්‍රී ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.
 
එම සංගමයේ ප‍්‍රධාන ලේකම් දේශශක්ති අජිත් ජයසුන්දර මහතා සදහන් කරන්නේ තම සංගමය මැදිහත් වී මේ පිළිබදව සහ වෙනත් කරුණු ඇතුළත් කර පස්වැදෑරුම් ප‍්‍රතිපත්ති මාලාවක් සකස් කර තිබෙන බවත්, එම ප‍්‍රතිපත්ති මාලාව ඉදිරියේදී පක්ෂ නායකයන්ට, පූජ්‍ය පක්ෂයට, වෘත්තීය සමිති නායකයන්ට, බහුජන ව්‍යාපාර වල නායකයන්ට ලබාදීමට කටයුතු කරන බවයි. 
 
ව්‍යවස්ථාදායකය නියෝජනය කරන්නන්ගෙන් 50%ක් උසස් පෙළ අසමත් වීම රටේ ඉදිරි ගමනට බාධා ගෙන දෙන්නක් බැවින් ව්‍යවස්ථාදායකය විසින් සකස් කරන අධ්‍යාපන ප‍්‍රතිපත්ති,ආර්ථික ප‍්‍රතිපත්ති,අන්තර්ජාතික සහයෝගීතා ප‍්‍රතිපත්ති,සංස්කෘතික ආරක්ෂණ ප‍්‍රතිපත්ති,යහපාලනය ස්ථාපිත කිරීමට අදාළ ප‍්‍රතිපත්ති ජනතාවාදීද යනුවෙන් ප‍්‍රශ්නයක් පැන නගින බවද ඔහු පවසා සිටියේය.
Last modified on Wednesday, 01 October 2014 11:55

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us