ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි

Published in පුවත්
Wednesday, 01 October 2014 10:28

ජාත්‍යන්තර ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබේ.

ලෝක ළමා දින සැමරුම් උත්සවය අද මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසුවේ මෙම උත්සවය අද උදෑසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි.සෙනෙහස දී අප රකින්න යන තේමාව යටතේ මෙවර ලෝක ළමා දිනය සැමරීමට කටයුතු යොදා තිබේ.

එමෙන්ම ළමා දිනය වෙනුවෙන් තවත් වැඩසටහන් රැසක් අද දිනය තුළ ක්‍රියාත්මක වන බව තිස්ස කරල්ලියද්ද අමාත්‍යවරයා පැවසුවේය.

එසේම දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සහ පින්නවල අලි අනාථාගාරය අද දිනය තුළ කුඩා ළමුන්ට සහ වැඩිහිටියන්ට නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබා දී තිබේ."කිසිවෙකු අත නොහරින එකම එක සමාජයක්‌" යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර වැඩිහිටි දිනය සමරනු ලබයි.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේ වයස අවුරුදු 12 න් පහළ කුඩා දරුවන් සහ වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා මෙම අවස්ථාව ලබා දෙන බවයි.

එමෙන්ම ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල සත්වොද්‍යානයේ සහ පින්නවල අලි අනාථාගාරයේ දී දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද වාර්තා වෙයි.

childrensday

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us