එජාපෙ දෙන්නෙක් එළියට

Published in පුවත්
Wednesday, 01 October 2014 10:15

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තුළ සාමූහිකත්වය නැතැයි පවසමින් ජා-ඇල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක එජාප මන්ත්‍රී අතුල ජයවර්ධන සහ ජා-ඇල නගර සභාවේ එජාප මන්ත්‍රී දුෂ්මන්ත පෙරේරා යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ඇතැයි වාර්තා වේ.

ජා-ඇල ප්‍රදේශීය සභාවේ විපක්ෂනායකවරයා සිය මන්ත්‍රී ධූරයෙන්ද ඉවත් වී ඇති අතර ජා-ඇල නගර සභාවේ එජාප මන්ත්‍රීවරයා සිය පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත.

පසුගියදා ජා-ඇල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 16දෙනෙකු රුපියල් විසිලක්ෂ අසූදාහක් (රු. 2,080,000) වියදම් කරමින් තායිලන්තයේ විනෝද චාරිකාවක යෙදුණු අතර ඊට ජවිපෙ මන්ත්‍රී කීර්ති චන්ද්‍ර ප්‍රනාන්දු මහතා දැඩිසේ විරෝධය පළ කර තිබේ.

ඔහුගේ විරෝධය හමුවේ එම මන්ත්‍රීවරුන් සඳහා එක් අයෙකුට රුපියල් පනස්දහස (රු. 50,000) බැගින් වෙන් කර තිබූ රුපියල් අටලක්ෂයක (රු. 800,000) මුදල වෙන් කර ගැනීමට හැකිවී නැත.

එම සංචාරය නිමවා පැමිණි පසු ඔවුන් ප්‍රාදේශීය සභාවේ පවත්වන ලද පළමු සභා වාරය ඊයේ පවත්වා තිබේ. එහිදී අදාළ සංචාරය පිළිබඳ මාධ්‍යයට වාර්තා කළ මාධ්‍යවේදී මහතාට බැන වැදී තර්ජනය කර ඇති සභාපතිවරයා ඇතුළු පිරිස වහාම ඔහුව එම ස්ථානයෙන් පිටතට ‍යවා ඇත. ඔහුට නැවත සභාව පිළිබඳව මාධ්‍ය වාර්තා ගැනීමට නොපැමිණෙන ලෙසද දන්වා තිබේ.

පසුව සභා ලේකම්වරයාටද එවැනිම සංචාරයක් සලසා දීම සඳහා යෝජනාවක් සභාපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව සභාවේ උණුසුම් තත්වයක් හටගෙන ඇත. එහිදී එජාප මන්ත්‍රීවරුන් සහ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් එක්ව ජවිපෙ මන්ත්‍රීවරයාටත් සභාවේ විපක්ෂ නායකවරයාටත් බාධා කර ඇති අතර ඔවුන්ට පරුෂවචනයෙන් බැන වැදී ඇත.

ජවිපෙ මන්ත්‍රීවරයා සිය කතාව කරමින් සිටියදී නැගී සිටි විපක්ෂ නායකවරයා සිය ලිපිගොනු මිටියද ගෙන සභාවෙන් පිටව ගොස් ඔහු එජාපයේ සියළු වගකීම්වලින්ද, ප්‍රාදේශීය සභාවේ සියළු තනතුරු සහ වගකිම්වලින්ද ඉල්ලා අස්වන බවට පක්ෂයටත් සභාවටත් ලිපි යොමු කර ඇත. ඔහු එම ලිපිවලින් සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුළ සාමූහිකත්වක් නැති බැවින් ඒකමතිකව තීන්දු තීරණ ගැනීමට නොහැකි බවයි.

මේ අතර ජා-ඇල නගර සභාවේ එජාප මන්ත්‍රී දුෂ්මන්ත පෙරේරා මහතාද එක්සත් ජාතික පක්ෂයට ලිපියක් යොමුකරමින් පවසා ඇත්තේ නගරසභාවේ එජාප මන්ත්‍රී කණ්ඩායම සාමූහිකව කටයුතු නොකරන බැවින් මින් දිරියට තමන් එජාප කටයුතුවලට සහභාගී නොවී ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවයි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us