නෝනිස්ට ගහපු මන්ත්‍රී මැරයා මෙන්න

Published in පුවත්
Wednesday, 01 October 2014 10:11

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට පහරදුන් මන්ත්‍රී මැරයා කවුරුන්ද යන්න මේ වනවිට අනාවරණය වෙමින් පවතී.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල හමුවට සහභාගී වීම සඳහා ඇමරිකාවට ගොස් සිටි අවස්ථාවේ ජනාධිපතිවරයා සමග ගිය එක්සත් ජනතා නදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් විසින් මෙම පහරදුන් බවට පුවත් වාර්තා කර තිබිණ.

කෙසේ නමුත් මේ වනවිට අනාවරණය වන ආකාරයට එම පහරදීම සිදුකර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා විදේශකටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සචින්වාස් ගුණවර්ධන මහතාය.

මෙම සිදුවීමෙන් දැඩි සිත්තැව්ලට පත් වෛද්‍ය නෝනිස් මහතා සිය මහ කොමසාරිස් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත බාර දී ඇතත්, ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කර ඇත.


අස්වෙලා.. ! නෑ අස්වෙලා නැහැ !!-කෙහෙළිය

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විසින් පහර දීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා ඉල්ලා අස් වූ බවට පළ කෙරුණ වාර්තා පිළිබඳ ඊයේ අඟහරුවාදා රජය කරුණු පැහැදිලි කරනු ලැබීය.

මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා ඉල්ලා අස් වී ඇති බව පැවසූ රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඉන් මොහොතකට පසු කියා සිටියේ නිල වශයෙන් ඔහුගේ ඉල්ලා අස්වීම විදේශ කටයුතු අමාත්‍යංශයට මෙතෙක් ලැබී නොමැති බවයි.

‘ඉල්ලා අස් වුන බවයි මම දන්නේ. ඉල්ලා අස්වීමේ ලිපියක් දුන් බව වාර්තා වී තිබෙනවා. පුද්ගලික මතවාදයක් එයට හේතු වී තිබෙන්නේ’ යනුවෙන් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පළමුව ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශය කර මොහොතකට පසු විදේශ කටයුතු අමාත්‍ය ජි.එල් පීරිස් හා දුරකතනයෙන් සම්බන්ධ වූ අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට පැවසුවේ එවැනි ඉල්ලා අස්වීමක් සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරයා නිල වශයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත් කර නොමැති බවයි.

‘මම දැක්කෙත් විදේශ මාධ්‍යවලින්. ඒකයි මම කිව්වේ වාර්තා වෙලා තියෙනවා කියලා. දැන් විදේශ කටයුතු මැතිතුමා කියනවා ඔහු නිල වශයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් ඉදිරිපත් කර නැහැ කියලා’ යනුවෙන් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල දෙවනුව කියා සිටියේය.
වැරදි වටහා ගැනීම


කිසිවක් කිව නොහැකියි :

ජනාධිපතිවරයා සහභාගි වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අතර පැවති පුද්ගලික සාදයකදී මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස්ට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා පහර දුන් බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ තමන් එවැනි වාර්තාවක් දුටු නමුත් නිල වශයෙන් ඒ සම්බන්ධයෙන් කිසිවක් කිව නොහැකි බවයි.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා හා රජයේ නියෝජිත කණ්ඩායමේ පිරිසක් අතර වැරදි වටහා ගැනීමක් නිසා යම් සිද්ධියක් ඇතිවී තිබෙන බව පිළිගත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා , එහිදී පහර දීමක් සිදුවූ බවට තමන්ට වාර්තා වී නොමැති බව අවධාරණය කළේය.


විදේශ කටයුතු අමාත්‍යංශයේ ජේෂ්ඨ නිලධාරියෙකු ඊයේ අඟහරුවාදා බිබිසියට පැවසුවේ තමන්ට පහර දුන් මන්ත්‍රීවරයාට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගතහොත් පමණක් නැවතත් මහ කොමසාරිස් ධුරයේ කටයුතු කිරීමට ක්‍රිස් නෝනිස් කැමැත්ත පළ කර ඇති බවයි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us