සජින් වාස්, ක්‍රිස් නෝනිස්ට පහරදුන් හේතුව ?

Published in පුවත්
Wednesday, 01 October 2014 11:44

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා බාරදුන් ලිපිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අප කල විමසීමකදී පැවසීය.

විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ කෘර ප්‍රහාරයකට ලක්වූ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය බදාදා (24) ජනාධිපතිවරයා වෙත යොමුකර තිබිණ.

ඒ අනුව, වෛද්‍ය ක්‍රිස් නෝනිස් හා කතාබහ කොට ප්‍රශ්නය සමතයට පත්කර ගැනීම සඳහා, ජනාධිපතිවරයා විසින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා වහාම ලන්ඩනය වෙත යවා තිබේ.

මේ දිනවල ප්‍රංශයේ පුද්ගලික සංචාරයක යෙදෙන ගාමිණී සෙනරත් මහතා එම සංචාරය අතරමග නවතා දමා ජනාධිපතිවරයාගේ ඉල්ලීම පිට ක්‍රිස් නෝනිස් හමුවීම සඳහා ඊයේ ලන්ඩන් නුවරට ගොස් ඇත.

ගැටුමට මුල ෂේනුකා !


විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා හා දොස්තර ක්‍රිස් නෝනිස් මහතා අතර ගැටුමට මුල්වී ඇත්තේ විදේශ අමාත්‍යංශයේ ලේකම් ෂේනුකා සෙනවිරත්න මහත්මියයි.

ජනාධිපතිවරයා සමග එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගිවීමට ගිය ශ්‍රී ලාංකීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා, ශ්‍රී ලන්කන් එයාර් සමාගමේ ඇමරිකානු නියෝජිත දිලාන් ආරියවංශ මහතා, 'නිව්ජර්සි' ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ පසුගිය අඟහරුවාදා (23) දා රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇත.

එම සාදයට වෛද්‍ය ක්‍රිස් නෝනිස්, සජින් වාස් ගුණවර්ධන මෙන්ම ෂේනුකා සෙනවිරත්න මහත්මියද සහභාගී වී තිබේ.

එහිදී දැඩි ලෙස බිමත්ව සිටි ඇති සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා, දොස්තර ක්‍රිස් නෝනිස් මහතා මිට වසර කිහිපයකට පෙර දී ෂේනුකා සෙනවිරත්න මහත්මියට ''හාෆ් බේක්ඩ් බිච්'' යයි පවසා ඇතැයි චෝදනා කර මින් බැන වැදී ඇත.

කනට ගහලා

එහිදී ක්‍රිස් නෝනිස් මහතා තමා එවැන්නක් කිසිදු විටෙක පවසා නැතැයි කියාදී, අවේශයට පත් මන්ත්‍රීවරයා ක්‍රිස් නෝනිස් මහතාගේ කනට දැඩි පහරක් එල්ල කර ඇත. එකවරම එල්ලවූ එම පහරින් ක්‍රිස් නෝනිස් මහතා බිම ඇදවැටී තිබේ.

අනතුරුව මන්ත්‍රීවරයා ක්‍රිස් නෝනිස් මහතා බිමදමා ගෙන කකුලෙන් පහරදී ඇති අතර, එම පහරදීම් නිසා මන්ත්‍රීවරයාගේ කකුලේ ඇඟිල්ලකට ද තුවාලවී තිබේ.

එම අවස්ථාවේම එම ස්ථානයෙන් පිටව ගොස් ඇති ක්‍රිස් නෝනිස් මහතා, ජනාධිපතිවරයා නවාතැන් ගෙන සිටි නිව්යෝර්ක් හි 'වල්ඩොරිෆ් ඇස්ටෝරියා' හෝටලයට ගොස් තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට බාර දී ඇත.

ක්‍රිස් නෝනිස් මහතා සැනසීමට සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාට දොස් පවරා ඇති ජනාධිපතිවරයා, මෙම පුවත පිලිබදව කිසිවක් වාර්තා නොකරන්නැයි ලංකාවේ මාධ්‍ය ආයතන ප්‍රධානින් අමතා දැනුම් දී ඇත.

Last modified on Wednesday, 01 October 2014 11:54

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us