'ජනාධිපතිවරණය ජනවාරියේ' -කෙහෙළිය

Published in පුවත්
Tuesday, 30 September 2014 08:12

මිලග ජනාධිපතිවරණය බොහෝ දුරට එළඹෙන ජනවාරි මාසයේ පැවැත්වෙනු ඇතැයි කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මහනුවර දී පැවති උත්සවයකින් අනතුරුව මිලග ජනාධිපතිවරණය පැවැත්වෙන  කාලවකවානුව පිළිබඳ මාධ්‍යවේදින් නැගු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.



 ''ජනාධිපතිතුමා තීන්දුවක් අරගෙන තියෙනවා වසර 4 අවසාන වුණාම එතුමාගේ ව්‍යවස්ථානුකූලව තිබෙන අයිතිය, ව්‍යවස්ථානුකූලව ව්‍යවස්ථාව තුළ තිබෙන ප‍්‍රතිපාදන සමග එතුමාට සිතෙන ආකාරයට යා හැකිය කියලා. එලෙස වුවහොත් බොහෝ විට ජනවාරි මාසයේ මැතිවරණය. 


කුමන්ත්‍රණයක් :


මේ අතර ඉකුත් දා අමාත්‍ය විමල් වීරවංශ මහතා ද ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ මෙලෙස අදහස් පළකළේය.

 '' විරුද්ධ පක්ෂයේ සිටින විනාශකාරී මතවාද පතුරුවන දේශපාලන කල්ලිවලට  ඕනිවෙලා තිබෙනවා නැවත මේ රට අස්ථාවර කරන්න. ඊළඟ ජනාධිපතිවරණ අවස්ථාව බලාගෙන ඉන්නවා. ජනාධිපතිවරණයක් ඉක්මනට එනවැයි කියලා රටේම මතයක් තිබෙනවා. මාධ්‍ය මගින් දාල තියෙනවා ජනවාරි මාසයේ තියෙනවයි කියලා. 

ඒ ජනාධිපතිවරණය ඉක්මනට එනවා නම් සිංහල ඡන්ද තීරු තීරුවලට කඩලා, සිංහල බෞද්ධයාගේ ඡන්ද එක පැත්තකට ගොඩ ගහලා, සිංහල කතෝලිකයාගේ ඡන්දත් තවත් කොටසක් කඩලා, එසේම සෙසු සිංහල ජනතාවගේ ඡන්දත් පාට පාට අනුව කඩලා අවසානයේ ඉතාම අරාජික තත්ත්වයක් රටේ හදන්න ඒ විදේශ බලවේග අද උත්සාහයක යෙදෙමින් ඉන්නවා මේ රටේ ඔවුන්ගේ හිතවත් දේශපාලන කල්ලි පාවිච්චි කරලා. 


 වෙනත් විකල්පයක් :


 මේ අතර ජාතික හෙල උරුමයේ නියෝජ්‍ය මහලේකම් බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්විය. එහිදී ඔහු මෙසේ පැවසිය. . 


''ජනාධිපතිතුමාගේ නිල කාලය ඉවර වෙන්න තව අවුරුදු දෙකක් තිබෙනවා. ජනාධිපතිතුමා කැමති නම් නොවැම්බර් මාසේ 19 වැනිදායින් පස්සේ ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට අවස්ථාව තිබෙනවා මිසක් එතුමා බැදිලා නැහැ ප‍්‍රකාශයට පත් කරන්න. ඒක එතුමාගේ පෞද්ගලික තීන්දුවක්. නීතිමය බැඳීමක් නෑ. ජනාධිපතිතුමාගේ පෞද්ගලික කැමැත්ත ගැන තිබෙන කාරණයක්. අපිට එතුමාගෙන් එය ප‍්‍රශ්න කරන්න බැහැ. 

එතුමා තීරණය කළොත් ජනාධිපතිවරණයකට යන්න සන්ධානයේ පාර්ශ්වකරුවන් විදිහට, මේ රට බේරා ගැනීමට කටයුතු කළ නායකයා ලෙස, අපේ ඉල්ලීම් ඉටු කළ නායකයා ලෙස අපි එතුමා සමගයි උත්සාහ කරන්නේ සන්ධානය ගොඩනගලා කටයුතු කරන්න. එහෙම බරපතල නොහැකියාවක් මතු වුවහොත් පමණයි අපි වෙනත් විකල්ප ගැන අවධානය යොමු කරන්නේ.'' 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us