සුදුසුකම් රහිතව පත්වී සේවකයන්ගේ මිනීඋඩින් හෝ තනතුර රැක ගැනීමට විට මැර බලය පවා යොදාගනිමින් වෙර දරන ලලිත් ද සිල්වා වෘත්තීය සමිති පවා මර්දනය කරමින් සිදුකරන කි‍්‍රයාවලියට විරුද්ධව මෙම උද්ඝෝෂණය දයත් වින බව රාජ්‍ය මුද්‍රණාල වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ඉන්දික සදහන් කර සිටී.
රජයේ මුද‍්‍රණාලය මේවන විට ඉතා දැඩි අරාජික තත්වයකට පත්ව ඇති බවත් කිහිපදෙනෙක් මවාපාන දිව්‍යලෝකය මුද‍්‍රනාලය තුළ නොමැති බවත් නිදහස් සේවක සංගමය පවසා සිටී. ඔහු මේ අදහස් පළකළේ අද (29) දහවල් බොරැල්ල මුද්‍රණාලය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයකට සහභාගී වෙමිනි.
එසේම මොහු විසින් මැර බලය යොදා තම තනතුර ස්ථිර කර ගැනීමට ප්‍රයත්න දරන්නේ මාධ්‍ය වේදීන්ට හා සේවකයින්ට මැරයන් යොදා පහරදෙමින් බවත් පවසන ලලිත් ඉන්දික වැඩිදුරටත් සදහන් කර සිටියේ සභාපතිවරයා අදාළ තනතුරෙන් ඉවත් කරන තෙක් මෙම සටන නොනවත්වන බවත් ඉදිරියේදී රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ එකතුව මෙම විරෝධතාවය පුළුල් කරන බවත්ය.
{soundcloud}https://soundcloud.com/lankadaily/120120-001mp3{/soundcloud}