වැඩ නතර වූ රෝහල් 6ක ඉදිකිරීම් නැවත ඇරඹීමට කැබිනට් අනුමැතිය

Published in පුවත්
Tuesday, 23 December 2025 19:59

සෞඛ්‍ය සේවා ආයතනවල නැවතී තිබූ ඉදිකිරීම් කටයුතු යළි ඇරඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ කෑගල්ල මූලික රෝහලේ අනතුරු හා හදිසි වාට්ටු සංකීර්ණය, හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය වාට්ටු සංකීර්ණය, හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය, රත්නපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග ප්‍රතිකාර ගොඩනැගිල්ල, රාගම පුනරුත්ථාපන රෝහලේ නව සායන ගොඩනැගිල්ල ඉදිකිරීම, කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මිලේනියම් වාට්ටුවේ මූලික ප්‍රතිකාර ඒකකය සහ අතුරු වෛද්‍ය සේවා ගොඩනැගිල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ මහල් 10කින් යුත් ශල්‍ය වෛද්‍ය වෛද්‍ය වාට්ටු සංකීර්ණය සහ පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ ආඝාත ප්‍රතිකාර ඒකකය සඳහා වන ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීම යන ව්‍යාපෘතිය.

පසුගිය කාලයේ පැවැති කෝවිඩ් වසංගතය සහ ඊට පසුව උද්ගත වූ ආර්ථික අර්බුද හේතුවෙන් එවකට පැවති මහා පරිමාණ ව්‍යාපෘති නැවත ක්‍රමෝපායකරණ සහ වේගවත් කිරීම් කමිටුවේ (RAMP) නිර්දේශ පරිදි සෞඛ්‍ය සේවා ආයතනවල සිදු කරමින් පැවති ඉදිකිරීම් ව්‍යාපෘති ගණනාවක් අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.

දැනට පවතින සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් සහ වැඩි වන සෞඛ්‍ය සේවා ඉල්ලුම පිළිබඳව සැලකිල්ලට ගනිමින් විවිධ ඉදිකිරීම් අදියරයන්හි පවතින එකී ව්‍යාපෘති සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාව මේ වන විට හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, දැනට වැඩ අවසන් කර නොමැති එම සෞඛ්‍ය ආයතනයන් හී යටිතල පහසුකම් ව්‍යාපෘති 08ක මුළු පිරිවැය ඇස්තමේන්තු සහ කාලරාමු සංශෝධනය කරමින්, ඒවායේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us