ශ්‍රී පාදස්ථානය සුරැකීමට නීති තද කරමින් පියවර රැසක්

Published in පුවත්
Tuesday, 23 December 2025 19:54

ශ්‍රී පාද අඩවිය පරිශ්‍රයේ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතයට එරෙහි නීති තද කිරීමට පියවර රැසක් ගෙන තිබෙනවා.

අද (23) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව එක් වෙමින් කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ බව සඳහන් ක‍‍ළේය.

එහිදී ශ්‍රී පාද අඩවිය සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත මගින් ආවරණය වන අධි සංවේදී පාරිසරික කලාපයක් වන හෙයින් ශ්‍රී පාද වන්දනාකරුවන් 2025 වසරේ සිට පරිසර අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කර ඇති පහත පියවර අනුගමනය කළ යුතු බව සඳහන් කර තිබේ.

*මේ වන විටත් තහනමට ලක් කර ඇති පොලිතින් අමුද්‍රව්‍යයක් ලෙස යොදා නිෂ්පාදිත ආහාර දවටන (ලන්ච් ෂීට් ආදිය), අධි ඝනත්වයෙන් යුත් පොලිතින් මඟින් නිෂ්පාදිත බහාලුම් (සිලිසිලි මලු), සැෂේ පැකට්, ප්‍රශාරිත පොලිස්ටයිරින්වලින් නිෂ්පාදිත තනි-භාවිත බීම බට, කලතන, තනි-භාවිත පිඟන්කෝප්ප, හැඳි, ගෑරුප්පු හා පිහි මෙම ප්‍රදේශය තුළ විකිණීම හෝ වන්දනාකරුවන් විසින් රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

ඊට අමතරව,

*ලීටරයට අඩු තනි-භාවිත ප්ලාස්ටික් ජල බෝතල් හා බිම බෝතල් රැගෙන යාම තහනම් කිරීම.

*පොලිතින් ආවරණ සහ ඇසුරුම් සහිත ආහාරපාන, ඖෂධ හෝ අනෙකුත් බඩු භාණ්ඩ කිසිවක් පාරිසරික අධිසංවේදී කලාපය තුළ බැහැර කිරීම තහනම් කිරීම.

*පාරිසරික අධිසංවේදී කලාපය තුළ ඇති ව්‍යාපාරික ස්ථාන විසින් අලෙවි කරන ප්ලාස්ටික් ආවරණ සහිත ආහාරපාන හෝ වෙනත් වෙළෙඳ භාණ්ඩ අලෙවියෙන් පසු ජනනය වන අපඅද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ වගකීම අදාළ වෙළෙඳසැල් හිමියන් වෙත පැවරීම.

*ජල උල්පත් හා ජල මාර්ග අපවිත්‍ර කිරීම සහ එම ස්ථානවලට පොලිතීන් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම තහනම් කිරීම.

*අලෙවිසැල් ඉදිකිරීමෙදී සහ පවත්වාගෙන යාමේදී ඒකරාශි වන පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ලෙස එකතු කර ශ්‍රී පාද අධි සංවේදී කලාපයෙන් බැහැරට ගෙනවිත් අදාළ නගර සභා හෝ ප්‍රාදේශීය සභා හරහා අවසන් බැහැර කිරීමේ වගකීම ඒ ඒ අලෙවිසල් හිමියන් වෙත පැවරීම.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us