නත්තල වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

Published in පුවත්
Tuesday, 23 December 2025 20:02

2025 නත්තල් උත්සවය සැමරීම සඳහා හෙට (24) දින විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් කොළඹ නගරය වෙත විශේෂයෙන් ගාලු මුවදොර ප්‍රදේශය වෙත පැමිණිම අපේක්ෂා කරන බව පොලීසිය පවසයි.

එසේ පැමිණීමේදී ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව දැනුම් දී තිබේ.

විශේෂයෙන් කොළඹ නගරයේ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය, කුරුඳුවත්ත යන පොලිස් වසම්වල මෙසේ අධික රථවාහන තදබදයක් ඇතිවිය හැකි බවට අපේක්ෂා කරයි.

එසේ වුවද හෙට දින මෙම පොලිස් වසම්වල සාමාන්‍ය පරිදි රථවාහන ගමනාගමනය සිදු කරන අතර අධික රථවාහන තදබදයක් ඇතිවන අවස්ථා වලදි පමණක් අවස්ථානුකූලව පහත පරිදි රථවාහන ගමනාගමනය සිදු කිරීමට සැලසුම් කර ඇත.
* ගාලු මැද පාර ඔස්සේ කොළඹින් පිට වීම - එන්. එස්. ඒ. වටරවුම, ගාලු මැද පාර, බාලදක්ෂ මාවත හන්දියෙන් වමට (එම්. ඕ. ඩී. හන්දිය) බාලදක්ෂ මාවත, අලියා නාන වටරවුම, මාකන් මාකර් මාවත, ගාලු මුවදොර වටරවුම ඔස්සේ කොල්ලු පිටිය දෙසට ගමන් කිරීම.

* ගාලු මැද පාර, ගාලුමුවදොර වටරවුම සිට කොළඹට ඇතුළු වන රථවාහන බාලදක්ෂ මාවත හන්දිය දක්වා සහ ඉන් ඉදිරියට ගමන් කිරීම.

* ගාලු මුවදොර වටරවුමේ සිට මාකන් මාකර් මාවත ඔස්සේ අලියා නාන වටරවුම දෙසට හෝ අලියා නාන වටරවුම දෙස සිට බාලක්ෂ මාවත ඔස්සේ ගාලු මැද පාරට ගමන් කල නොහැක.

* බාල දක්ෂ මාවතේ අතුරු මාර්ග වලින් පැමිණෙන සියලු වාහන දකුණට හරවා අලියානාන වටරවුම ඔස්සේ කොළඹින් පිටවිය හැකි අතර ගාලු මැද පාරට අතුරු මාර්ග වලින් ඇතුළු වන සියලුම වාහන දකුණට හරවා එන් එස් ඒ වටරවුම දෙසට ගමන් කිරීම.

ඉහත රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදි කොළඹ නගරයේ පදික වේදිකා මත සහ ප්‍රධාන මාර්ගයන් අවහිර වන ලෙස කිසිදු රථ වාහනයක් නවතා තැබීමට ඉඩ ලබා නොදෙන අතර එවැනි ආකාරයට රථවාහන නීති උල්ලංඝණය කරනු ලබන රියදුරන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ.

මෙසේ කොළඹට පැමිණෙන රථවාහන පහත සඳහන් රථගාල් වල ගාල් කර තැබීමේ පහසුකම් සලසා ඇති බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.

පහත සඳහන් නිදහස් රථගාල් හා මාර්ග දෙපස මුදල් අයකර ගැනීමකින් තොරව රථවාහන අවහිරතා ඇති නොවන පරිදි ගාල්කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබේ.
* කොටුව පොලිස් වසමේ බාලක්ෂ මාවත එම්ඕඩී රථගාල (බේරේ වැව දෙසට)

*කොල්ලුපිටිය / බම්බලපිටිය/වැල්ලවත්ත මුහුදුබඩ මාර්ග

* කොටුව හා මරදාන පොලිස් වසම් වල ඩී ආර් විජේවර්ධන මාවත

* කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ පාසන්ට් පාර පිටවීමේ තීරුව පමණක්

*ගාලු පාර වැල්ලවත්ත සැවෝයි අසල සිට ගාලු පාර බගතලේ පාර හන්දිය දක්වා රථ නැවතුම් ස්ථාන වල (Parking Bays)පමණක්

* කුරුඳුවත්ත පොලිස් වසමේ ආනන්ද කුමාරස්වාමි මාවත නෙළුම් පොකුණ වටරවුමේ සිට පුස්තකාල වටරවුම දෙසට ඇතුළු වීමේ තිරුව (වම්පස)

*කුරුඳුවත්ත පොලිස් වසමේ එෆ් ආර් සේනානායක මාවත

*කුරුඳුවත්ත පොලිස් වසමේ රීඩ් මාවත රීඩ් රාජකාරී හන්දියේ සිට රීඩ් මාවතරීඩ් තර්ස්ටන් හන්දිය දක්වා මාර්ගයේ දකුණු පස

*කුරුඳු වත්ත පොලිස් වසමේ නිදහස් මාවත නිදහස් වටරවුමේ සිට නිදහස් චතුරස්‍රය දක්වා මාර්ගයේ දකුණු පස

*කුරුඳුවත්ත පොලිස් වසමේ මෙට්ලන්ඩ් පෙදෙස

*කුරුඳුවත්ත පොලිස් වසමේ පදනම් ආයතන පාර

පහත සඳහන් රථගාල් සහ මුදල් අයකිරීමේ පදනම මත රථගාල් කිරීම සඳහා අවස්ථාව සලසා ඇත.

*පිටකොටුව පොලිස් වසමේ බැස්ටියන් මාවත පරණ මැනිං වෙළඳ සංකීර්ණ රථගාල

*කොටුව පොලිස් වසමේ විමලධර්ම සූරිය ඔර්ලෝසු කණුව අසල රථගාල

*කොටුව පොලිස් වසමේ රාසික් ෆරීඩ් මාවත හේමාස් රථගාල

*ඩී ආර් විජේවර්ධන මාවත ලේක් හවුස් රථගාල

*කොටුව පොලිස් වසමේ ලේඩ්න් බැස්ටියන් මාවත

*කොටුව පොලිස් වසමේ බ්‍රිස්ටල් වීදිය

*කොටු ව පොලිස් වසමේ ඩියුක් වීදිය

*කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ යුනියන් පෙදෙස ඩෝසන් විදිය හන්දිය ඇක්සර් ටවර් රථගාල

*මරදාන පොලිස් වසමේ ගාමිණි වටරවුම් (St' Clement)

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us