'ආණ්ඩුවට දිනන්න පුළුවන්' -දයාන් ජයතිලක

Published in පුවත්
Tuesday, 23 September 2014 11:42

ඌව මැතිවරණයේ ලත් පසුබෑම පාඩමක් කර ගනිමින් සිය ගමන් මග වෙනස් කරන්නේ නම් ආණ්ඩුවට ඉදිරි ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ජය ගැනීම අපහසු නොවනු ඇතැයි දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මහතා කියා සිටියි.

මෙවර ඌව මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණයට ලක් කරමින් ඔහු පැවසුවේ ඌව මැතිවරණ ප්‍රතිඵල මගින් ඉදිරි ජනාධිපතිවරණයකදී ආණ්ඩුව පරාජයට පත් වීම හෝ විපක්ෂය ජය ගන්නා බවක් පෙන්නුම් නොකරන බවයි.

ඌව මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ පවුල්වාදී, ජාතිවාදී, යුධවාදී දේශපාලන සංස්කෘතිය හා මතවාදය ග්‍රාමීය බෞද්ධ ජනතාව අතරත් බොහෝ දුරට ප්‍රතික්ෂේප වී ඇති බව යැයි ආචාර්ය දයාන් ජයතිලක මහතා පැවසුවේය.

මහින්ද 'අයියා'

‘ආණ්ඩුව යුද්ධයෙන් පස්සේ පාවිච්චි කරපු දේශපාලන සංස්කෘතිය මුලින්ම පරාජය වුණේ ජිනීවා වල තුන් සැරයක්, ඊළඟට පරාජය වුණේ උතුරු පළාත් සභාවේ, දැන් සිංහල බෞද්ධ බහුතරයක් ඉන්න ප්‍රදේශයක එය සහමුලින්ම නොවුනත් විශාල වශයෙන් පසුබෑමකට ලක් වෙලා තියෙනවා’ යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවුරු හරි ක්‍රියාශීලී ජ්‍යෙෂ්ඨයෙක් අගමැති කරලා, සමස්ත නිදහස් පක්ෂය ආපහු තමන්ගේ පැත්තට අරගෙන මහ රජාගේ ඉඳන් ආපහු මහින්ද අයියා බවට පත් වෙනවද කියලා තෝරා ගැනීමක් ජනාධිපතිතුමාට තියෙනවා" යැයි දයාන් ජයතිලක මහතා වැඩි දුරටත් පැවසීය.

පසුගිය මැතිවරණ වල මෙන් නොව ඉදිරි මැතිවරණවලදී ජනාධිපතිවරයාට රට අභ්‍යන්තරයෙන් මෙන්ම බාහිරින්ද අභියෝගයක් එල්ල වෙනු ඇති බවද ආචාර්ය දයාන් ජයතිලක මහතා කියා සිටියේය.

ඌවේ ප්‍රතිඵලය අනුව ජනාධිපතිවරණය පැහැදිලිවම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ජය ගත හැකි බව පැවසූ ආචාර්යවරයා, එයට හේතුව වශයෙන් කියා සිටියේ ඌව මැතිවරණයේ හරීන් ප්‍රනාන්දු සතුව තිබූ ජනප්‍රියත්වය ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට නොමැති වීම බවයි.

(බීබීසී සංදේශය)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us