සේවය ස්ථිර කිරීම්,රක්ෂණ ක්‍රමයක් ඇතුළු ඉල්ලීම් වර්ජනයට හේතුව බව ශ්‍රීලනිප සේවක සංගමයේ ලේකම් සුසන්ත ප්‍රනාන්දු කියයි.
පතල ඇතුළේ අඩි 1132 සිට අඩි 2000 දක්වා විවිධ ස්ථරයන්හි සේවකයෝ හැත්තෑවක් පමණ ද වර්ජනයට එක් වී සිටිති.
පතලේ බලධාරීන් සහ රිදීගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් පතලෙහි සිටින උපවාසකරුවන් සමඟ මේ මොහොත වන විට සාකච්ඡා පවත්වයි.