බීඩි මිළ අද සිට ඉහළට

Published in පුවත්
Friday, 10 October 2025 07:49

බීඩි මිල අද (10 වැනිදා) සිට ඉහළ දමන බව සමස්ත ලංකා බීඩි නිෂ්පාදකයන්ගේ සහ බීඩිකොළ, දුම්කොළ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේය.

මෙම මිල ඉහළ දැමීමත් සමග අඟල් දෙකයි කාල ප්‍රමාණයේ බීඩියක් රුපියල් 15ක් දක්වා සහ අඟල් දෙකේ සහ රතු නූල් බීඩියක් රුපියල් 13ක් දක්වා සිල්ලර මිල ඉහළ යන බව ද එම සංගමය පෙන්වා දුන්නේය.

මීට පෙර අඟල් දෙකයි කාල ප්‍රමාණයේ බීඩියක් රුපියල් 10ක් සහ අඟල් දෙකේ සහ රතු නූල් බීඩියක මිල රුපියල් නවයයි ශත පනහක් (9.50)ක් ලෙස ඒවායේ මිල පැවැති බවද එම සංගමය සඳහන් කළේය.

බීඩියක් සඳහා පැවැති රුපියල් 2ක බද්ද වර්තමාන ආණ්ඩුව විසින් රුපියල් 3 දක්වා ඉහළ දැමීම සහ සෙසු වියදම් ඉහළ යෑමෙන් පිරිවැය වැඩිවීම හේතුවෙන් බීඩි මිල ඉහළ දැමීමට සිදුවූ බව එම සංගමය පෙන්වා දුන්නේය.

බීඩියක නිෂ්පාදන වියදම රුපියල් දහතුනයි ශත හැත්තෑපහක් (13.75)ක් පමණ වුවද පසුගිය කාලයේ එම වියදමට අඩු මිලකට බීඩියක් වෙළෙඳපොළට සැපයීමෙන් කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව පෙන්වා දුන් එම සංගමය රජයට නිසි පරිදි බදු ගෙවීමට නම් බීඩි මිල ඉහළ දැමීම අනිවාර්යෙන්ම කළ යුතු බව ද සඳහන් කළේය.

බීඩි කර්මාන්තයේ ප්‍රධානම අමුද්‍රව්‍ය වන ⁣‘තෙන්දුකොළ’ හෙවත් බීඩිකොළ නීති විරෝධීව මෙරටට ගෙන ඒම වැළැක්වීමට බලධාරීන් අසමත්වීම හේතුවෙන් බීඩි කර්මාන්තය තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙන බවත් සියලුම බීඩි ව්‍යාපාරිකයන් මෙම නව මිලට අද (10 වැනිදා) සිට බීඩි අලෙවි නොකරන්නේ නම් ඒ පිළිබඳ රජයේ අවධානය යොමුවිය යුතු බවත් එම සංගමය අවධාරණය කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us