අධිවේගයේ බස් පරික්ෂාව අද සිට

Published in පුවත්
Friday, 10 October 2025 07:59

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ අද (10 වැනිදා) සිට පූර්ව කාර්මික පරීක්ෂාවට ලක්කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය එක්ව මෙම වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙන බවද නියමු ව්‍යාපෘතියක් වශයෙන් අද සිට මෙම පරීක්ෂාවන් සිදුකරන බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (කාර්මික) අරුණ බතීගම පැවසීය.

ගැරඬිඇල්ල හා ඇල්ල බස් අනතුරුවලින් පසුව මගී ප්‍රවාහන බස් රථ සම්බන්ධයෙන් නිර්දේශ හා නියෝග මාලාවක් යෝජනා වූ අතර එහි ප්‍රධානම යෝජනාවක් වූයේ දුර ගමන් සේවා බස් රථ ධාවනයට පෙර එහි යාන්ත්‍රික තත්ත්වයන් පිළිබඳ පරීක්ෂාකර සහතිකයක් ලබාගැනීම අත්‍යවශ්‍ය බවයි.මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ගමනාන්ත 09ක් සඳහා දෛනිකව බස් ගමන්වාර 135ක් ක්‍රියාත්මක වන බවත් මෙම බස් රථ ධාවනයට පෙර පරීක්ෂා කිරීමට සැලසුම් කර සිටින බවත් එම මධ්‍යස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම වැඩසටහන ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසේන, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නාලක දිසානායක ඇතුළු නිලධාරීන්ගෙන් ප්‍රධානත්වයෙන් අද (10 වැනිදා) උදෑසන ආරම්භ කෙරේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us