නවක හෙද හෙදියන් 294 කට පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය අද

Published in පුවත්
Friday, 10 October 2025 07:37

නවක හෙද හෙදියන් 294 දෙනෙකු සෞඛ්‍ය සේවාවට ඇතුලත් කර ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය අද (10) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ පළමු මහලේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම වාග් චිකිත්සක නිලධාරීන් 9 දෙනෙකු සහ ඖෂධවේදීන් 6 දෙනෙකු ද සෞඛ්‍ය සේවවාට ඇතුලත් කර ගැනීමේ පත්වීම් ලිපි ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහි දී ප්‍රදානය කිරීමට නියමිතයි.

තුන්වන ශ්‍රේණියේ හෙද නිලධාරීන් ලෙස පත්වීම් ලබන මෙම නවක හෙද නිලධාරීන් 2019 සිසු හෙද කණ්ඩායම යටතේ තුන් අවුරුදු හෙද පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලද සිසු හෙද හෙදියන්.

වාග් චිකිත්සක නිලධාරීන් මෙරට පිළිගත් විශ්ව විද්‍යාලයක කතන හා භාෂා චිකිත්සක විශේෂවේදී උපාධිය සම්පූර්ණ කර ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පවත්වන ලද විභාගය සමත් වී අවශ්‍යවන සියළු සුදුසුකම් සම්පූර්ණ කරන ලද නිලධාරීන්.

ඖෂධවේදීන් ලෙස පත්වීම් ලබන මෙම නිලධාරීන් වසර දෙකක ඖෂධවේදී ඩිප්ලෝමාව සාර්ථකව නිමකරන ලද හා අවශ්‍යවන අනෙකුත් සියළු සුදුසුකම් සම්පූර්ණ කරන ලද නිලධාරීන්ය.

මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙද නිලධාරීන් 43500 කට ආසන්න ප්‍රමාණයක් ද, වාග් චිකිත්සක නිලධාරීන් 100 කට ආසන්න ප්‍රමාණයක් ද, ඖෂධවේදීන් 2000 කට ආසන්න ප්‍රමාණයක්ද මෙරට ජනතාව සුවපත් කිරීමට දායකත්වය සපයනු ලබනවා.

ගුණාත්මක හා ප්‍රශස්ථ රෝගී සත්කාර සේවාවක් අඛණ්ඩව පවත්වා ගෙන යාම අරමුණු කර ගනිමින් උතුර සහ නැගෙනහිර පළාත් ප්‍රමුඛ කරගනිමින් දිවයින පුරා පිහිටි මධ්‍යම රජය යටතේ පාලනය වන රෝහල් හා පළාත් සභාව යටතේ පාලනයවන රෝහල්වල පවතින පුරප්පාඩු සලකා බලා මෙම නවක නිලධාරීන් අනුයුක්ත කිරීමට නියමිතයි.

2025.10.15 වන දින සිට ක්‍රියාක්මක වන පරිදි මෙම නවක නිලධාරීන්ට පත්වීම් ලිපි ලබාදෙනවා.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් (පාලන) චාමික ගමගේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, රෝහල් පරිපාලකයන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් ද එක්වීමට නියමිතයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us