ආණ්ඩුව, විපක්ෂය මර්දනය කිරීමට ගන්නා මීළඟ අවිය ICCPR පනතයි - සුගීෂ්වර

Published in පුවත්
Wednesday, 10 September 2025 15:53

ආණ්ඩුව විපක්ෂය මර්දනය කිරීම සඳහා මීළග අවිය ලෙස ICCPR පනත යොදා ගනිමින් සිටින බව නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි.

අද ( 10 ) නව ජනතා පෙරමුණේ මහරගම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පැවසීය.

එහි දී වැඩිදුරටත් කරුණ දැකවූ ඒ මහතා මෙසේද පැවසීය.

අද මේ වැඩ බැරි වෛරී ත්‍රස්ත ආණ්ඩුව විපක්ෂ මර්දනය කරන අලුත්ම ආයුධය තමයි I.C.C.P.R පනත. ආණ්ඩුවේ I.C.C.P.R දඩයමට හසුවෙන පළමු පක්ෂ දේශපාලනඥයා තමයි නීතීඥ උදය ගම්මන්පිල. උදය ගම්මන්පිල මැතිතුමා අගෝස්තු 05 පැවති මාධ්‍ය සාකච්ඡාවක දී හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතාට අද අත්වෙලා තියෙන ඉරණම සම්බන්ධව කරුණු රටට හෙළි කළා.

උදය ගම්මන්පිල මහතා සාක්ෂි සහිතව ප්‍රබන්ධන ශූරී ශානි ඇතුලු කණ්ඩායම විසින් හිටපු කීර්තිමත් නාවික හමුදා නිලධාරියකුට අත් කර දී ඇති ඉරණම ගැන තමයි රටට කරුණු කිව්වේ.

අද දුම්බර හිරගෙදර හිරබත් කන නිශාන්ත උළුගේතැන්න තමයි, එදා මහ සාගරය පුරා අණසක පතුරවපු L.T.T.E සංවිධානයේ මරාගෙන මැරෙන බෝට්ටු බලඝනය, පාවෙන අවි ගබඩා ටික අඩු කරමින් යුද්ධය නිමා කිරීමට උපරිමයෙන් දායක වෙච්ච සුජාත පුත්‍රෙයක්.

නිශාන්ත උළුගේතැන්න , සුමිත් රණසිංහ, ජනක කුමාර, කෝසල කුමාර වැනි නාවික හමුදාවේ සිටි නිළධාරීන්ගේ මෙම ගැටළු ගැන කතා කරන එක මේ රටේ ජීවත් වන සෑම පුරවැසියකුගේම වගකීමක් යුතුකමක්. ඒ නිසා අගෝස්තු මස 05 දින මාධ්‍ය සාකච්ඡාව තුලින් උදය ගම්මන්පිල මහතා කළේ එම යුතුකම ඉෂ්ඨ කිරීමයි. අපි ආණ්ඩුවෙන් අහනවා අපි ජනපතිගෙන් අහනවා අපි ප්‍රබන්ධ ශූරී ශානීගෙන් අහනවා මේ ප්‍රකාශය තුල කොහෙද ජනවර්ග අතර අසමගිය ඇති බව ප්‍රකාශයක් තියෙන්නේ.

ගම්මන්පිල මහතා ආණ්ඩුවෙන් ඇහුවේ ,ප්‍රබන්ධන ගොතමින් බොරු සාක්ෂි හදමින් උළුගේතැන්න වැනි කීර්තිමත් බුද්ධි නිළධාරීන්ට නොකළ වැරදි වලට දඩුවම් දෙමින් මේ උත්සහ කරන්නේ දළදා හාමුදුරුවන්ට බෝම්බ ගහපු, කැබතිගොල්ලැවේ අහිංසක මින්ස්සු ඝාතනය කරපු , මහ බැංකුවට බෝම්බ ගහල මේ රටේ රාජ්‍ය නායකයෝ, දේශපාලඥයෝ, අහිංසක නිරායුධ වැසියන් අමු අමුවේ මරලා මේ රටේ ආර්ථිකය කාබාසිනියා කරපු මේ ලෝකයේ තහනම් ත්‍රස්ත සංවිධානයක් වෙච්ච L.T.T.E සතුට කරන්නද හදන්නේ කියලා.

ඒ ප්‍රකාශයේ කිසිම ජාතියකට, ආගමකට, අගෞරව කරලා නෑ. ඒ නිසා මේ පනත යොදාගෙන ආණ්ඩුව උත්සහ කරන්නේ ප්‍රතිවිරුද්ධ දේශපාලන මත දරන නායකයින් දඩයම් කරන්න. විපක්ෂය මර්ධනය කරන්න. මේ ආණ්ඩුව අද ඒකාධිපතිත්වය කරා ගමන් කරමින් ඉන්නේ.

ශානි මහත්තයා වරින් නර බෙදුම්වාදීන් හා ඩයස්පෝරාව සතුටු කිරීම සඳහා කරගෙන ගිය රණවිරු දඩයමට තිබුණ ලොකුම හිසරදය තමයි උදය ගම්මන්පිල.

2015 D.K.P දසනායක මහතාගේ සිට 2024 නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගැනීම දක්වා ශානී අඹේසේකර මහතා කල සෑම කුමන්ත්‍රණයක්ම ව්‍යර්ථ උනා උදය ගම්මන්පිල ඒ වෙනුවෙන් පෙනී සිටි නිසා. ඒ නිසා ශානි ඉන්නේ උදය ගම්මන්පිල මහතා එක්ක තරහෙන්.

වගේම පොරොන්දු 1329 ජනතාවට දීලා එක පොරොන්දුවක්වත් ඉටු කළේ නැති මේ වෛර චේතිය ආණ්ඩුවේ මහා කන්ටේනර් 323 මගඩිය ගැන උදය ගම්මන්පිල මහතා සටන් කළා.

මේ ආණ්ඩුවේ මහා ගල් අඟුරු වංචාව ගැන උදය ගම්මන්පිල මහතා රටට කරුණූ හෙළි කළා.

මේ ආණ්ඩුවේ විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරන වැඩ පිළිවෙල වෙනුවෙන් උදය ගම්මන්පිල මහතා පෙනී සිටියා. ඒ නිසා වෛරී ත්‍රස්ත මානසිකත්වයකින් ඉන්න මේ රට පාලනය කරන 3% කණ්ඩායම ඉන්නේ උදය ගම්මන්පිල ගැන තරහින්.

ආණ්ඩුවේ හොරකම් ජඩකම් , මැරකම්, ටොම් පච, වහගෙන තව වෙසක් පෝය 2ක් මේ ආණ්ඩුව ඇද ගෙන යන්න නම් උදය ගම්මන්පිල මහතා වැනි විපක්ෂයේ දේශපාලන නායකයෝ අවුරුද්දක්වත් අත්අඩංගුවේ තැබිය යුතුයි කියලා පැලවත්තේ ලොකු අයියා දැඩිව තීරණය කරලා ඉවරයි.

ඒ නිසා තමයි උදය ගම්මන්පිල මහතා I.C.C.P.R යටතේ අත්අඩංගුවට ගන්න හදන්නේ. එම නිසා මේ දේශපාලන මර්දනය අපි පොදු විපක්ෂය විදියට පරාජය කරනවා කියන සුබ පණිවිඩය අපි ආණ්ඩුවට ලබා දෙනවා.

සුගීෂ්වර බණ්ඩාර මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ,

1986 අංක 04 දරණ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සංශෝධනය කරලා විශ්‍රාමික ජනපති වරුන්ගේ වරප්‍රසාද අහෝසි කරන්නයි අද මාලිමා ආණ්ඩුවේ සුදානම. මාලිමා ආණ්ඩුව සතුව පාර්ලිමේන්තු මන්ත්‍රීධූර 159 තියෙනවා ඒ නිසා අනිවාර්යයෙන්ම මෙම පනත සම්මත වෙනවා. මෙම පනත ගෙනාවේම මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමා ඉලක්ක කරගෙන.

මේ ආණ්ඩුව පත් වු දිනයේ සිටම මහින්ද රාජපක්ෂ ජනපතිතුමාව ගෙදරින් එළියට දාන්න, මහින්ද රාජපක්ෂ ජනතාවගේ ආරක්ෂාව අඩු කරන්න වගේම එතුමාව මැදමුලනට යවන්න පුදුම අවශ්‍යතාවයක් තිබුණේ. අපිට මතකයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා පැය 24 දෙන්නේ, ගෙදරින් එළියට බහින්න ,ලොකු පුතාලා නැද්ද බලා ගන්න ඇහුවා.

මේ පනත ගේන්නේම පළිගැනීමේ චේතනාවෙන්මයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් පළිගන්න අවශ්‍යතාව තියෙන්නේ LTT සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීම නිසා හිත් තැවුලෙන් සිටින ඩයස් පෝරාවට.

අපිට පැහැදිලි සැකයක් තියෙනවා මේ ඩයස් පෝරාවට දුන්න පොරොන්දුවක් ද මාලිමා ආණ්ඩුව විසින් ඉටු කරන්න යන්නේ කියලා. මේ වනවිට අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරි පී.එන්.ඩී පෙරේරා මහතා ලැයිස්තු හදනවා විශ්‍රාමික ජනාධිපතිවරුන්ට මේ වනවිට ගෙවා ඇති ඉන්ධන දීමනා ,කාර්යාල මණ්ඩල දීමනා යනාදිය පිළිබඳව.

ඔවුන් ඒ සියලු තොරතුරු සභාගත කරන්නයි සුදානම. මෙතැන් සිට එම ඉතුරු වෙන මුදල අපි බලාපොරොත්තු වෙනවා රටේ බඩු මිල අඩුකරීමට යොදා ගනිවි කියලා. විශේෂයෙන්ම පීඩිත ජනතාවට වැඩි කිරීමට බලාපොරොත්තු වන විදුලි බිල අඩු කිරීම , හාල් මිල රු 200 ට වත් අඩු කිරිම හා පොල් ගෙඩිය රු 100 ට වත් ගන්න පුළුවන් වේවි කියලා.

2025 සැප්තැම්බර් මස 10 වන දින මහරගම නව ජනතා පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුව සඳහා සීතාවක ප්‍රදේශය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර මහතා, අවිස්සාවේල්ල ආසන ක්‍රියාකාරි දර්ශන මහතා, දෙහිවල ආසන සම සංවිධායක අජන්තද සිල්වා මහතා , නීලම්මහර කොට්ඨාශ සංවිධායිකා දර්ශනි මහත්මිය හා කටුවාවල කොට්ඨාශ සංවිධායක මංජු මහතා හා රත්මලාන පිරිවෙන කොට්ඨාශ සංවිධායක සමන් කුමාර මහතා සහභාගි විය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us