මාස 8ක් තුළ මෙරට ශ්‍රමිකයින් ලක්ෂ 2ක් රැකියා සදහා රට ගිහින්

Published in පුවත්
Wednesday, 10 September 2025 08:08

මේ වසරේ ගතවූ මාස 8ක කාලය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලක්ෂ 2කට අධික පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ අනුව පුද්ගලයින් 212,302 දෙනෙකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව එම කාර්යංශය පැවසීය.

කාන්තා ශ්‍රමිකයින්ට සාපේක්ෂව පිරිමි ශ්‍රමිකයින්ගේ විදේශ ගතවීම මෙම කාල සීමාව තුළදී කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබේ.

ඒ අනුව විදෙස් ගතවූ පිරිමි ශ්‍රමිකයින් සංඛ්‍යාව 130,252 ක් වන අතර කාන්තා ශ්‍රමිකයින් 82,050 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ඇති බව සඳහන්ය.

ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා යොමුවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර එම සංඛ්‍යාව 53,159කි.

මේ අතර, විදේශ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයින් 2025 වසරේ මුල් මාස 8 තුළ ඇමරිකානු ඩොලර් බිලියන 5.11 ක ප්‍රේෂණ මෙරටට එවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

2024 වසරේ මුල් මාස 8 තුල විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4.28 ක් වන අතර, ඊට සාපේක්ෂව 2025 වසරේදී ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් සියයට 19.30න් ඉහළ ගොස් තිබේ.

එසේම 2025 වසරේ අගෝස්තු මාසය තුළදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 680.80 ක ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇත.

2025 වසර තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 7 ක විදේශීය ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇතැයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශ්වාසය පළකරයි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us