නේපාලයේ සිදු වීම් ගැන රනිල් ගෙන් විශේෂ නිවේදනයක්

Published in පුවත්
Wednesday, 10 September 2025 16:02

නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. නේපාලයේ සිදුවු සියලුම ආකාරයේ තරුණයින් ඇතුළු මිනිස් ඝාතන තමා හෙළා දකින බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.

පාර්ලිමේන්තුවට සහ අධිකරණයට ගිනිතැබීම නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදයට කළ විශාල අගෞරවයක් බව ද රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවේදනයේ අවධාරණය කර තිබේ.

කෙසේ වුවත් අවසානයට ඉතිරි වුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයක් නොමැති නේපාලයක් බවත් රට තුළ සාමය ඇති කර ව්‍යවස්ථානුකූල ඡන්දයක් පැවැත්වීම පාලනය, බලය ගත් හමුදාවේ වගකීම බවද රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවේදනයේ සඳහන් කර ඇත.

බුදුන්වහන්සේ උපත ලැබූ නේපාලය ශ්‍රී ලංකාව සුවිශේෂී රටක් වන අතර, මෙවැනි මිලේච්ඡ ක්‍රියා කිසිසේත් අනුමත කළ නොහැකි බවද වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

එනිසා බුදුන් වහන්සේ දේශනා කළ 'සප්ත අපරිහානී ධර්මය' නේපාලයේ වත්මන් පාලනය ආදර්ශයට ගනු ඇතැයි අපේක්ෂා කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

සම්පූර්ණ නිවේදනය පහතින්.1757491189 RANIL WICKREMESINGHE

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us