ශුද්ධ වූ නබි තුමන්ගේ ජන්ම දිනය අදයි - අග්‍රාමාත්‍යතුමිය ගෙන් සුබපැතුම්

Published in පුවත්
Friday, 05 September 2025 10:32

ශුද්ධ වූ නබි නායකතුමන්ගේ ජන්ම දිනය අදට (05) යෙදී තිබෙනවා.

40 වන වියේදී මුහම්මද් නබිතුමාණන්, ඉස්ලාම් ආගමේ අවසන් නබිතුමා වශයෙන් තෝරා ගැනුනු බව සඳහන්.

නබි නායකතුමන්ගේ ජන්ම දිනය ඉස්ලාම් භක්තිකයන්ට අතිශය වැදගත් දිනයක් ලෙසයි සැළකෙන්නේ.

මේ අතර සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය, පීඩිත ජනයා කෙරෙහි දක්වන කරුණාව සහ පාලකයන්ගේ වගවීම පිළිබඳ මුහම්මද් නබි නායකතුමන්ගේ ඉගැන්වීම්, වර්තමාන සමාජයට වෙන කවරදාටත් වඩා අදාළවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කරනවා.

ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනුයි අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ.

අග්‍රාමාත්‍යවරියගේ සුබපැතුම් නිවේදනය පහතින්,

''ශ්‍රී ලංකාවාසී මෙන්ම ලොව පුරා වෙසෙන සමස්ත ඉස්ලාම් බැතිමතුන්ට, මුහම්මද් නබි නායකතුමන්ගේ උතුම් ජන්ම දිනය සමරන මෙම ශුද්ධ වූ දිනයේදී, මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

මුහම්මද් නබි නායකතුමන්ගේ ඉගැන්වීම්, හුදෙක් ආගමික රාමුවකට සීමා නොවූ, සමස්ත මානව වර්ගයාගේ යහපත උදෙසා වූ විශ්වීය මානුෂීය ප්‍රතිපත්ති මාලාවකි. විශේෂයෙන්ම, සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය, පීඩිත ජනයා කෙරෙහි දක්වන කරුණාව සහ පාලකයන්ගේ වගවීම පිළිබඳ එතුමන්ගේ ඉගැන්වීම්, වර්තමාන සමාජයට වෙන කවරදාටත් වඩා අදාළ වේ.

එතුමන්ගේ පණිවිඩය, එකල පැවති අසාධාරණ, ගෝත්‍රිකවාදී සහ දූෂිත සමාජ ක්‍රමයට එරෙහිව නැගුණු විප්ලවීය ප්‍රකාශනයක් විය. එය, මිනිසා විසින් මිනිසාව සූරාකෑමෙන් තොර, සියලු දෙනාටම ගෞරවයෙන් ජීවත් විය හැකි සමාජයක් පිළිබඳව වූ උදාර දැක්මකි. අප රටක් ලෙස නව සමාජ පරිවර්තනයක් අපේක්ෂා කරන මේ මොහොතේ, දූෂණයෙන් හා විෂමතාවයෙන් තොර සාධාරණ පාලනයක් පිළිබඳ එම ආදර්ශයන්, අපට මහත් ශක්තියක් සහ පෙළඹවීමක් සපයයි.

ශ්‍රී ලංකාවේ ප්‍රගමනය උදෙසා මුස්ලිම් ප්‍රජාව දක්වා ඇති ඓතිහාසික දායකත්වය ගෞරවයෙන් සිහිපත් කරන අතර, මෙම උතුම් ඉගැන්වීම් ආදර්ශයට ගනිමින්, සියලු ජනතාවට සාධාරණය ඉටු වන, මානුෂීය සහ සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට එක්වන ලෙස මම ඔබ සැමට ආරාධනා කරමි.

සැමට සාමය සතුට සපිරි මිලාද් උන්-නබි දිනයක් වේවා!''

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us