ඇල්ලේ මාරක අනතුරෙන් තවත් පුද්ගලයන් 10 කට බරපතලයි

Published in පුවත්
Friday, 05 September 2025 10:15

ඇල්ලවැල්ලවාය රාවණා ඇල්ල අසල දී ඊයේ (4) රාත්‍රියේ සිදුවු බස්රථ අනතුරින් තුවාල ලැබූවන් අතර සිටින තවත් 10 දෙනෙකුගේ තත්ත්වය ඉතා බරපතල බව බදුල්ල රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ පවසනවා.

තුවාල ලැබූවන්ගෙන් බහුතරයක් අත් පා අහිමි වී ඇති බවයි ඔහු අනාවරණය කළේ.

වෛද්‍ය පාලිත රාජපක්ෂ කියා සිටින්නේ තුවාල ලැබුවන් අතර කුඩා දරුවන් 8 දෙනෙක් සිටින අතර ඔවුන්ගේ තත්ත්වයවන් බරපතල නොවන බවයි.

අද අලුයම 4.00 පමණ වන තෙක් තුවාලකරුවන් සහ මියගිය පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි හෙතෙම කියාසිටියේ.

සුන්බුන් අතර තවත් මළ සිරුරු තිබෙනු ඇතැයි සැක පළ කරන බවද වෛද්‍යවරයා පැවසුවා.

අනතුරෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබෙන අතර තුවාල ලැබූ සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දැඩිසත්කාර ඒකකය තුල ප්‍රතිකාර ලබන පිරිස තවමත් නිවැරදිව කිව නොහැකි බවත් දහවල් වන විට එය නිවැරදිව සංඛ්‍යාව ප්‍රකාශ කළ හැකි බවත් වෛද්‍යවරයා පවසනවා.

කෙසේ නමුත් ඊයේ රාත්‍රියේදී රාවණා ඇල්ල ප්‍රදේශයේ ප්‍රපාතයකට රෝහලේ වෛද්‍යවරුන්, හමුදා නිලධාරින් සහ ප්‍රදේශවාසීන් විශාල කඹ යොදා ගනිමින් ගමන් කර තුවාලකරුවන් බේරාගැනීමට කටයුතු කළා.

ඊයේ දින රාත්‍රී 0900 ට පමණ ඇල්ල පොලිස් වසමේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 23 හා 24 කණු අතර ප්‍රදේශයේදී වැල්ලවාය දෙසට ධාවනය වූ බස් රථයක් ඉදිරියෙන් පැමිණි ජිප් රථයක හා මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටෙහිද ගැටී අඩි 1000 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා

අනතුරට පත් බස් රථයේ රියදුරු සමඟ බස් රථයේ මගීන් 30 දෙනෙකු ගමන් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙම අනතුරින් බස් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු සහ කාන්තාවන් 09 දෙනෙකු මියගොස් තිබෙන බව ද පොලීසිය පැවසුවා.

තුවාල ලැබූ පිරිමි පුද්ගලයින් 06 ක්, කාන්තාවන් 05 ක්, පිරිමි ළමුන් 03 ක් හා ගැහැණු ළමුන් 02 ක් ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

තවද බස් රථයේ පිරිස මුදාගැනීම සඳහා සහය වූ පුද්ගලයින් දෙදෙනෙකු ද තුවාල ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුලත් කර තිබුණා.

අනතුරට පත් පිරිස තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණ නැවත ආපසු යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

මෘත ශරීර දියතලාව, බදුල්ල හා බණ්ඩාර වෙල රෝහල්වල මෘත ශරීරාගාර තුල තැන්පත් කර තිබෙනවා.

අනතුරට සම්බන්ධ ජිප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us