අනතුරකින් පසු පොලීසිය මඟින් රියැදුරු අත්අඩංගුවට ගෙන වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන අවස්ථාවක තමන් මත්ද්‍රව්‍ය භාවිත කර නැති බවට රියැදුරු සත්‍ය ප්‍රකාශයක් කළත් සති දෙකක් ඇතුළත ලබාගත් මත්ද්‍රව්‍ය ශරීරගතව තිබෙන බැවින් මූත්‍රා පරීක්ෂාවේ දී එය පොසිටිව් ලෙස පෙන්නුම් කරන බව ද ඒ කීය.
මත්පැන් පානය කර රිය පැදවීමේ දී රුධිරය මිලිලීටර් 100ක මද්‍යසාර මිලිග්‍රෑම් 80කට වැඩි ප්‍රමාණයක් තිබුණොත් රියැදුරු වැරදිකරු වන බවත් මේ ප්‍රමාණය මැනීම ප්‍රාශ්වාස වාත පරීක්ෂණය (Breathalyzer test) හෝ රජයේ වෛද්‍යවරයකු ලබා ගන්නා රුධිර සාම්පලයක් මඟින් කළ හැකි බවත් සුබසිංහ පැවසීය.
රුධිරගත මද්‍යසාර ප්‍රමාණය මෙයට වඩා අඩු වුවහොත් රියැදුරු බීමත්ව රිය පැදවීමේ චෝදනාවට ලක් නොවන බව ඔහු කීය.
මත්ද්‍රව්‍ය භාවිත කර තිබේද යන්න සෙවීමට අධිකරණ වෛද්‍ය නිලධාරීන් Multi drug screen test නම් මූත්‍රා පරීක්‍ෂණය සිදු කරන බවත් මෙහිදී අවසන්වරට මත්ද්‍රව්‍යක් පාවිච්චි කර සති දෙකක් දක්වා මුත්‍රා පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේ මූත්‍රාවලින් ධනාත්මක ප්‍රතිඵල ලබා දෙන බවත් කී ඔහු මේ පරීක්ෂණයේදී ඔවුන්ගේ රුධිරයේ කොපමණ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබේද, ඒවා භාවිත කර ඇත්තේ කවදා ද, කොපමණ ප්‍රමාණයක් භාවිත කර ඇත්ද යන්න ප්‍රකාශ කළ නොහැකි බව ද අවධාරණය කළේය.
මෙහිදී ලබා දෙන්නේ මූත්‍රාවල මත්ද්‍රව්‍ය අඩංගු බවට වන ගුණාත්මක අගයක් බව ද මත්ද්‍රව්‍ය භාවිත කර තිබෙන බවට අධිකරණයට කරුණු වාර්තා කිරීමට මෙය ප්‍රමාණවත් බව ද නීති වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.
ගංජා,අයිස් වැනි මත්ද්‍රව්‍ය සතියකට දෙකකට පෙර පානය කළ රියැදුරන් අනතුරක් සිදුවූ පසු තමන් මත්ද්‍රව්‍ය භාවිත කර නැති බවට ප්‍රකාශ කරන බවත් එම ප්‍රකාශය සත්‍ය වුවත් තමන් නීතිය ඉදිරියේ වැරදිකරු වීමට තරම් සාක්ෂි දෙසතියක කාලයක් ශරීරයේ රැඳී තිබෙන බව රියැදුරන් තේරුම්ගත යුතුව තිබෙන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.