සුදා කිව්වා වගේම හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ! Featured

Published in පුවත්
Friday, 22 August 2025 13:49

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව මෙය ලෙසත් වාර්කා වේ.

හිටපු ජනාධිපතිවරයා මෙලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීමක් සිදුකර තිබුණේ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළවය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී ඇමරිකා එක්සත් ජනපදයේ පැවැති රාජ්‍ය නායක සමුළුවකට සහභාගි වී තවත් පුදුගලයන් දස දෙනෙකු සමඟ ලන්ඩන් නුවර ගොස් නැවත මෙරටට පැමිණීමේදී මෙම රාජ්‍ය මුදල් රුපියල් ලක්ෂ 170 කට ආසන්න මුදලක් අවභාවිතාව සිදුව තිබෙන බවට චෝදනා එල්ල විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් සැන්ඩ්‍රො පෙරේරාගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබුණි.

මේ අතර හිටපු ජනාධිපතිවරයා අද දින අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම නියත වශයෙන්ම සිදු වන බවට පසුගියදා යූටියබ් කරුවකු වන සුදන්ත තිලකසිරි නොහොත් සුදා නැමැති අය පවසා තිබීම ආන්දෝලනයකට තුඩුව තිබිණි. .

Last modified on Friday, 22 August 2025 13:49

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us