ලංකාවේ කුරුඳු වලට ලෝක වෙළඳ පොලේ විශාල ඉල්ලුමක්

Published in පුවත්
Friday, 22 August 2025 08:39

ලංකාවේ කුරුඳු වලට ලෝක වෙළඳ පොලේ විශාල ඉල්ලුමක් තිබෙන බවත් ඒ අනුව කුරුඳු වගාව සංවර්ධනය කිරීමේ අරමුණින් කුරුඳු වගාකරුවන්ට නව තාක්ෂණය හඳුන්වා දීමට පියවර ගෙන ඇති බවත් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ චතුරංග ගුණසේකර පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කල ඔහු කියා සිටියේ විශේෂයෙන්ම ගාල්ල,මාතර,කලුතර,රත්නපුර සහ හම්බන්තොට දිස්තික්කවල සාර්ථකව කුරුඳුවගාව සිදුකරනු ලබන බවය.

වාර්ෂිකව කුරුඳු මෙට්ට්‍රික් ටොන් විසිපන් දහසක ප්‍රමාණයක් අපනයනය කරණු ලබන අතර එයින් ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන විසිපන් දහසක ආදායමක් ලැබෙන බවත් කුරුඳු ලංකවේ හතරවන වෙළඳ බෝගය බවත් ඔහු පැවසිය.

කුරුඳු වගාව,නිෂ්පාදනය ,සැකසිම,ආදිය සම්බන්ධයෙන් මෙසේ තාක්ෂණය හඳුන්වා දිමට පියවර ගෙන ඇති බවද මේ වනවිටත් මාතර පලොල්පිටියේ පිහිටා ඇති ජාතික කුරුඳු පර්යේෂණ පුහුණු මධ්‍යස්ථානයේ කුරුඳු ගොවින් පුහුණු කිරීමේ කටයුතු සිදුකරගෙන යන බවත් ඒ වැඩි දුරටත් පැවසිය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us