වර්ජනය කළ තැපැල් සේවකයින්ට මෙම මස වැටුප නැහැ - තැපැල්පති

Published in පුවත්
Friday, 22 August 2025 08:18

වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට මෙම මස වැටුප් නොගෙවන බව තැපැල්පති රුවන් සත්කුමාර පවසයි.

ලිපියක් යොමුකරමින් වර්ජනයේ නිරත සේවකයින්ට ඔහු දන්වා ඇත්තේ, මාසික වැටුප අවශ්‍යනම් වහාම සේවයට වාර්තා කරන ලෙසය.

වර්ජනයේ නිරත වෘත්තීය සමිති ද ලිඛිතව මේ සම්බන්දයෙන් දැනුම්වත් කළ බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මේ අතර තැපැල්පති රුවන් සත්කුමාර පවසා සිටියේ, වර්ජනය හේතුවෙන් රුපියල් මිලියන 140ක පමණ පාඩුවක් මේ වනවිට සිදුව ඇති බවය.

කෙසේ වෙතත් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගෑසී තිබූ තැපැල් මලු බෙදාහෑරීමේ කටයුතු සිදුකරන බව ඔහු පවසයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ තැපැල්පති රුවන් සත්කුමාර ,

"වැටුප් ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් අපට මුදල් ලැබෙන්න ඕන. මට දැනුම්දී තිබෙනවා වර්ජනය කරන අතර තුර වැටුප් ගෙවීම සඳහා මුදල් නිකුත්කිරීමක් සිදුවෙන්නේ නැතිවෙයි කියලා.

ඒ නිසා සේවයට වාර්තා කල අයට විතරක් මුදල් ලැබෙන්න ඉඩ තියෙනවා. වර්ජනය කරන අයටත් දැනුම්දුන්නා අද සේවයට වාර්තා කරන්න කියලා" යනුවෙන් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us