නිවාස මූල්‍යාධාර හිමිවන පිරිස මෙන්න

Published in පුවත්
Tuesday, 19 August 2025 12:26

ආයතනගතව සිට සමාජගත වන තරුණ තරුණියන්ට නිවාස පහසුකම් සපයාගැනීම සඳහා මූල්‍යාධාර ලබා දීමේ වැඩසටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ළමා සංවර්ධන මධ්‍යස්ථානයක රැකවරණය යටතේ සිට සමාජගත වී විවාහ අපේක්ෂාවෙන් පසුවන තරුණ තරුණියන්, ඒ සඳහා ක්‍රමානුකූලව හා විධිමත්ව සූදානම් කිරීමේ අරමුණින් ස්ථාවර හා ආරක්ෂිත නිවසක් තනා ගැනීමට හැකි වන පරිදි රුපියල් මිලියනයක මූල්‍යාධාරයක් ලබා දීම සඳහා 2025 අයවැය යෝජනාවක් අනුව රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

අදාළ කාර්යය සඳහා, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සම්බන්ධ කර ගනිමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව, හඳුනාගනු ලැබ ඇති නිර්ණායක මත පදනම්ව පහත සඳහන් කණ්ඩායම්වලට අයත් වූවන් වෙත මූල්‍යාධාර ලබා දීම සඳහා ජනාධිපතිවරයා සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

** වයස අවුරුදු 18 සම්පුර්ණ වීම මත පසුගිය වසර 10ක කාලසීමාව තුළ (2015-06-30 දිනෙන් පසුව) ආයතනික රැකවරණයෙන් ඉවත් ව, විවාහ වී සිටින හෝ විවාහ වීමට අපේක්ෂාවෙන් පසුවන එහෙත් ස්ථාවර සහ ආරක්ෂිත නිවාසයක් නොමැති තරුණියන් සහ තරුණයන්.

**නිසි පවුල් පසුබිමක් හෝ ජිවනෝපායක් නොමැති වීම හේතුවෙන් තවදුරටත් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල රැඳී සිටින වයස අවුරුදු 18 ඉක්මවූ තරුණ පිරිස් (විශේෂයෙන් කාන්තාවන්).

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us