මුදල් අච්චු ගැහුවට උද්ධමන වැඩිවෙන්නේ නැහැ - අමාත්‍ය ප්‍රසන්න ගුණසේන

Published in පුවත්
Tuesday, 19 August 2025 12:13

මුදල් අච්චු ගැසීම හේතුවෙන් රටේ උද්ධමනයේ වැඩිවීමක් සිදුනොවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒම මඟින් උද්ධමනය පාලනය කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන ඇති බවය.

ධාවනයෙන් ඉවත් කර තිබූ 2014 වර්ෂයේ දී මෙරටට ආනයනය කරන ලද බස් රථ සඳහා නව එංජින් කට්ටල යොදා යළි ධාවනයට එක්කිරීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මේ බව සඳහන් කළේය.

"රටේ ආර්ථිකයට අවශ්‍ය ප්‍රමාණයට තමා මුදල් අච්චු ගැසීම වෙන්නේ. හැම අවුරුද්දකම වෙන එකක්. බලන්න තියෙන්නේ ආර්ථිකය ගමන් කරන දර්ශක එක්ක. පසුගිය අවුරුදුවල මාස 6ට සාපේක්ෂව අපි ආදායම් වියදම් පරතරය අඩුකරගෙන තියෙනවා 33%කට වඩා වැඩිපුර. ගිය අවුරුද්දේ පළවෙනි මාස 6 රාජ්‍ය ආදායම රු ත්‍රිලියන 1.8යි. මේ අවුරුද්දේ රු ත්‍රිලියන 2.3යි. 24.7%කින් ආදායම වැඩි කරලා. වියදම අඩුකරලා තියෙනවා. ඒ නිසා ආර්ථිකය ස්ථාවරයි කිසිම සැකයක් තියා ගන්න එපා."

ප්‍රශ්නය - සල්ලි අච්චු ගැහුවම උද්ධමනය වැඩිවෙන්නේ නැද්ද ?

"එහෙම නම් උද්ධමනය වැඩිවෙන්න එපැයි. ඔය කියන එක කාරණයක් ගැන හිතනවා නම් දැන් බඩු මිල වැඩිවෙන්න ඕනේ. නමුත් වැඩිවෙන්නේ නෑ. ස්ථාවර වෙලානේ. උද්ධමනය අඩු වෙලා තියෙනවා. කොටස් වෙළෙඳපොළ 20,000ක් දක්වා ගිහින් තියෙනවා ඉතිහාසයේ පළමු වතාවට. තනි තනි ඉලක්කම අරගෙන බෑ සමස්තයත් එක්ක සංසන්දනය කරන්න. සමස්තයත් එක්ක ගත්තහම ආර්ථිකය ස්ථාවරයි."

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us