ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රයට සුබ පණිවුඩයක් Featured

Published in පුවත්
Tuesday, 19 August 2025 14:48

ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ අවසාන නිෂ්පාදනය වෙනුවෙන් මෙරට නිෂ්පාදකයින් විසින් කරනු ලබන යෙදවුම්වලින් 100% ක් දක්වා ඕනෑම රටකින් ලබා ගැනීමට හැකියාව ලැබෙන ලෙස නිදහස් කරන ලද වෙළෙඳ නීති හරහා හැකියාව ලැබෙන බව බ්‍රිතාන්‍ය රජය පවසා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම පහසුකම ඇඳුම් අයිතමය මත රඳා පවතින බවයි.

එසේම බ්‍රිතාන්‍ය රජයෙන් මෙරට ඇඟලුම් නිෂ්පාදකයින්ට එක්සත් රාජධානියේ වෙළඳපොළට පෙර නොවූ විරූ ප්‍රවේශයක් ලබාදෙන නිදහස් කරන ලද වෙළඳ නීති සම්බන්ධ විස්තර නිකුත් කර ඇති බව සඳහන්.

ඒ අනුව ලිහිල් කරන ලද නීති යටතේ වන මෙම නව පහසුකම් ක්‍රියාත්මක වන්නේ 2026 මුල් භාගයේ පටන් බව පවසයි. එමෙන්ම බ්‍රිතාන්‍ය රජය පෙන්වා දෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) වැඩිදියුණු කිරීමෙන් නව රෙගුලාසි ලිහිල් කළ බවයි.

එනිසා මෙරට නිෂ්පාදනය කරන ඇඟලුම් දැන් එක්සත් රාජධානියට තීරුබදු රහිතව ඇතුළු වීමට තවදුරටත් ඉඩ සැලසෙන බව වාර්තා වේ. එබැවින් මේ යටතේ ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදනයේදී සැකසුම් අවශ්‍යතා අදාළ වන්නේ අවම මට්ටමකිනි.

බ්‍රිතාන්‍ය රජය නිකුත් කළ නිවේදනයේ එමඟින් සැලකිය යුතු නිෂ්පාදන ක්‍රියාවලීන් දෙකක් (උදා: රෙදි මෙන්ම ඇඟලුම් නිෂ්පාදනය) මෙරටේ සිදු විය යුතු බවට වන රීතිය ඉවත් කෙරෙන බව දක්වා ඇත.

එසේම ශ්‍රී ලංකාවට මෙම පහසුකම් සැලසෙන්නේ එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට වන වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) යටතේ බව පවසයි.

කෙසේ වෙතත් ආර්ථික සංවර්ධනයට සහාය වීමට පුළුල් පරාසයක භාණ්ඩ වෙනුවෙන් අඩු හෝ ශුන්‍ය තීරු බදු ඇතුළුව නිදහස් වෙළඳ කොන්දේසි ලබාදිය යුතු රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවද ඇතුළු වී තිබෙනවා.

ඒ අනුව වර්තමාන නීතිරීති මඟින් දකුණු ආසියානු කලාපයෙන් යෙදවුම් ලබාගන්නේ නම් සහ ඇඟලුම් හෝ රෙදිපිළි නිෂ්පාදනයේදී ඇති සීමාවන් සමඟ මෙරට ඇඟලුම් වෙනුවෙන් තීරුබදු රහිත ප්‍රවේශය ලබා දෙන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා විසින් "මෙම වෙනස්කම් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයට සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති කිරීමට ඉඩක් ලබාදෙනවා වගේම එක්සත් රාජධානියේ ප්‍රධාන වෙළඳපොළේ ඇඟලුම් මිල අඩු කිරීමටත් උපකාරී වේවි" යනුවෙන් පැවසුවා.

එසේම බ්‍රිතාන්‍ය ව්‍යාපාර කවුන්සිලයේ සභාපති මාර්ක් සර්ජෙනෝර් මහතා, "DCTS සඳහා ඉදිරියේදී සිදුවන වෙනස්කම් එක්සත් රාජධානියට ශ්‍රී ලංකාවේ අපනයන තවදුරටත් ශක්තිමත් කරාවි.මෙය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට සුවිශේෂී සාර්ථක මඟක්. නව වෙනස්කම් මඟින් එක්සත් රාජධානියට ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනයෙන් වැඩි ප්‍රමාණයක් ශුන්‍ය තීරුබදු සඳහා සුදුසුකම් ලැබිය හැකියි. බ්‍රිතාන්‍ය සමඟ ව්‍යාපාර සඳහා වන කවුන්සිලය මෙම වෙනස්කම් සඳහා බෙහෙවින් සහාය වන අතර එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා ව්‍යාපාර සමඟ අපගේ කටයුතු දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා." යනුවෙන් සඳහන් කළා.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us