සුදා නොහොත් සුදන්ත තිලකසිරිගේ නඩුව අද කැඳවයි

Published in පුවත්
Friday, 07 February 2025 14:02

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති CA/COC/01/2025 අංකය දරණ නඩුව අද(07) කැඳවනු ලැබීය.

රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක පල කරන ලද වැඩසටහනක් මගින් අධිකරණයට අපහාස වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමක් සම්බන්ධයෙන් හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් ඔහුගේ නීතීඥයින් විසින් සුදත්ත තිලකසිරිට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

නඩුව යළිත් අප්‍රේල් 04 වන දින කැඳවීමට අභියාචනාධිකරණය අද නියම කරනු ලැබුවා. පෙත්සම්කාර හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ නෙවිල් අබේරත්න, නීතීඥ රුවන්ත කුරේ, නීතීඥ ලලිත් පියුම් පෙරේරා, නීතීඥ චෙරාග් නිල්ගිරිය ඇතුලු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියේය.

- දිනමිණ 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us