පිළිකාකාරක සහිත ජල පිරිසිදුකාරකයක් ලංකාවට ගෙනත්

Published in පුවත්
Friday, 07 February 2025 13:56

පානීය නළ ජලය පිරිසුදු කිරීමට යොදන ද්‍රව්‍යයක් නිසා නළ ජලය පානය කරන පුද්ගලයන්ට පිළිකා වැලඳීමේ අවදානමක් ඉදිරියේදී මතුවිය හැකි යැයි ඩී.වී. චානක මන්ත්‍රිවරයා ඊයේ (06දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

නළ ජලය පිරිපහදු කිරීමට භාවිත කරන ක්‍රමවේදයක් හරහා මෙම අවදානම මතුව ඇති බවත් ඊට යොදා ගන්නා Hydratedlime නම් අංගය සහිත කන්ටේනර් 27ක් පමණ මෙරටට ගෙනැවිත් ඇති බවද ඩී.වී. චානක මන්ත්‍රිවරයා පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසා සිටින්නේ නළ ජලය පිරිපහදු කරන ප්‍රධාන ස්ථාන 3ක් වන රත්මලාන, ගාල්ල, අඹතලේ යන ප්‍රදේශවල මෙම ජලය පිරිපහදු කිරීමේදී ගයිඩ් ලයින්ස් තිබෙන බවත් ය

වැඩිදුරටත් පැවසූ මන්ත්‍රීවරයා 

''මූල ද්‍රව්‍ය මොනවද සංඝටක මොනවද කියන දේ අපි බලනවා. ඒ සංඝටකවලට අනුව පිරිපහදු කිරීමේ කාර්යයේදී ලෙඩ් තියෙන්න පුළුවන් කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම්10යි. ඒ වගේම ක්‍රොමියම් තියෙන්න පුළුවන් මිලිග්‍රෑම් 10යි. කිලෝග්‍රෑමයකට මේ ක්‍රොමියම් ප්‍රතිශතය වැඩි වුණොත් පිළිකා හැදෙන්න පුළුවන්. වකුගඩු රෝග හැදෙන්න පුළුවන්. දැන් මේ ක්‍රියාවලිය හරහා ක්‍රොමියම් කන්ටෙන්ට් එක මිලිග්‍රෑම් 14 ක් වනවා. ඒ ඉතාම දරුණු තත්ත්වයක්.
මේ කන්ටේනර් රත්මලාන, අඹතලේ, ගාල්ලේ හැමතැනටම ගිහින්. ඉක්මනට මේක නවත්වන්න. මෙතන යන්නේ ජාවාරමක්. කවුද මේවායින් සල්ලි හොයන්නේ''

 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us