ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනයට ජනතාවගෙන් උපදෙස් ඉල්ලයි

Published in පුවත්
Friday, 07 February 2025 15:13

2024 අංක 36 දරන “ශ්‍රී ලංකා විදුලි බල පනත” සංශෝධනය කිරීමට අදාලව මහජනතාව සහ මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවකරුවන් වෙතින් උපදේශන ලබා ගැනීමට තීරණය කර තිබේ.

මේ  සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට අදාල මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (06) දින බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා සහ විදුලි බල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් විදුලි ඉංජිනේරු පුබුදු නිරෝෂණ හැඩිගල්ලගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

එහිදී  මෙම පනත සංශෝධනය කිරීමට අදාලව සංකල්ප පත්‍රිකාවක් මේ වන විට ඉදිරිපත් කර ඇති අතර, එම සංකල්ප පත්‍රිකාව http://powermin.gov.lk යන වෙබ් අඩවිය ඔස්සේ මහජනතාවට පරිශීලනය කිරීමේ හැකියාවද පවතී. තවද, මේ සඳහා මහජනතාවගේ ලිඛිත අදහස් පෙබරවාරි මස 14 දින හෝ ඊට ප්‍රථම අංක 437, ගාලු පාර, කොළඹ 03 යන ලිපිනයේ පිහිටා ඇති බලශක්ති අමාත්‍යංශය වෙත පැමිණ හෝ තැපැල් මගින් යොමු කල හැකි බවත් එසේම, මේ සම්බන්ධයෙන්වන ඔබගේ අදහස් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනය වෙත යොමු කිරීමටද හැකියාව පවතින බවත් දැනුම දෙන ලදී.‍

නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට අනුව, ඉදිරි වසර පහක කාලය පුරාවට මෙන්ම ඉන් ඉදිරියටත් බලශක්ති ක්ෂේත්‍රයේ සිදු වීමට නියමිත වෙනස්කම් රටට අවශ්‍ය හා හිතකර ලෙස මෙන්ම, මහජනතාවගේ මෙන්ම පාර්ශවකරුවන් හා මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලුදෙනාගේ අදහස් ලබාගනිමින් මෙම පනත සංශෝධනය කිරීම වත්මන් රජයේ අරමුණ වී ඇති බවත් පැවැසිනි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us