ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ලබාගත් දරුවන් 18 ක්  

Published in පුවත්
Friday, 24 January 2025 11:26

2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් අද (24) පෙරවරුවේ පවත්වනු ලැබූ විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

එහිදී විභාග කොමසාරිස් ජනරාල් පවසා සිටියේ, ඊයේ නිකුත්කළ ප්‍රතිඵල අතරින් වැඩිම ලකුණු ලබාගත් දරුවා ලකුණු 188ක් ලබාගෙන තිබෙන බවයි.

ඊට අමතරව දරුවන් 17 දෙනෙකු ලකුණු 187 හා 186 සීමාවේ පසුවන බව හෙතෙම පැවසීය.

මෙලෙස වැඩිම ලකුණු ලබාගත් දරුවන් 18 දෙනාගෙන් 11 දෙනෙකු පිරිමි දරුවන් බවද ඔහු පැවසීය.

නිමාවූ ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයින් 319,284ක් පෙනී සිටි අතර, ඉන් සිසුන් 51,244ක් සමත්ව තිබේ.

ඒ අනුව විභාගය සමත් සිසුන්ගේ ප්‍රතිශතය 16.05%ක් වේ.

එය පසුගිය වසරට සාපේක්ෂව වැඩිවීමකි.

2023 වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් සමත්ව ඇත්තේ 15.12%ක ප්‍රමාණයකි.

එමෙන්ම මෙවර ප්‍රතිඵල අනුව දරුවන් 77.96%ක ප්‍රතිශතයක් ලකුණු 70ට වැඩිගෙන් ලබාගෙන ඇත.

එයද පසුගිය වසරට සාපේක්ෂව සුළු වැඩිවීමකි.

2023 වසරේදී දරුවන් 77.75% ප්‍රතිශතයක් ලකුණු 70ට වැඩියෙන් ලබාගෙන තිබේ.

එමෙන්ම විභාගයට පෙනී සිටි දරුවන් 37.70% ප්‍රමාණයක් ලකුණු 100ට වැඩියෙන් ලබාගෙන ඇත.

කෙසේ නමුත් 2023 වසරට සාපේක්ෂව එය සැලකිය යුතු අඩුවීමකි.

පසුගිය වසරේදී විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 45.06% ප්‍රතිශයක් ලකුණු 100ට වැඩියෙන් ලබාගෙන තිබේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us