කොළඹ හරක් මස් හිගයක්

Published in පුවත්
Friday, 24 January 2025 08:55

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට දෛනිකව හරක් මස් කිලෝග්‍රෑම් දසදහසක්අවශ්‍ය වුවත් මේ දිනවලදී එය කිලෝග්‍රෑම් පන්දහස දක්වා අඩු වීම හරහා පාරිභෝගිකයින් දැඩි අපහසුතාවකට පත්ව ඇත.

එලෙස හරක් මස් අඩුවීම පිළිබඳ කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන නාගරික පශු වෛද්‍ය නිලධාරි වෛද්‍ය මොහොමඩ් ඉජාස්ගෙන් "අරුණ" විමසීමක් කළ අතර එහිදී වෛද්‍යවරයා ප්‍රකාශ කළේ ඒ සදහා හේතු කිහිපයක් බලපාන බවය.

එම හේතු ලෙස වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ ගොයම් කපන සමයේදී ගවයන් ඒ සඳහා අවශ්‍ය වන බැවින් එම කාලයේදී ගවයන් අලෙවි නොකිරීමත්, මිල ඉහළ දැමීමත් ඊට හේතු වී ඇති බවයි.

එමෙන්ම මුස්ලිම් ජාතිකයින්ගේ උපවාස කාලයේදී හරක් මස් අනුභවය ඉහළ යන බැවින් ඒ සඳහා ගවයන් නොමරා එක්රැස් කර තබා ගැනීමක් සිදු කරන බවද වෛද්‍යවරයා සඳහන් කරයි. කෙසේ වෙතත් මේ දිනවලදී හරක් මස් කිලෝවක් රුපියල් 2600ත් 2700ත් අතර මිලකට අලෙවි වන අතර කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පමණක් දිනකට ගවයන් සියදෙනෙකු පමණ අවශ්‍ය වේ.

එහෙත් මේ දිනවලදී එම බල ප්‍රදේශයට ලැබෙන්නේ ගවයන් 50ක් පමණ බවද හෙතෙම කීවේය.

-අරුණ

Last modified on Friday, 24 January 2025 09:17

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us