වී මිළ ඉහළ යාමෙන් සහල් කිලෝවක් රු.300 ය ඉක්මවන ලකුණු Featured

Published in පුවත්
Friday, 24 January 2025 08:48

මෙවර මහ කන්නයේදී වී කිලෝ ග්‍රෑමයක ගැනුම් මිල රුපියල් 140 - 170ත් දක්වා ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී සහල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 300 ඉක්මවා යා හැකි බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ පැවැසූහ.

මේ අතර තෙත වී කිලෝ ග්‍රෑමයක මිල මේ දිනවල රුපියල් 115 - 120ත් දක්වා ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ නමුත්, රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ තෙත නාඩු වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 95 බැගින්ද, වියළි නාඩු වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 115 බැගින්ද මිලදී ගැනීමට අදාළව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ණය (ඔඩපණ ණය) නිකුත් කරන ලෙස දැනුම්දී තිබෙන බවයි.

මේ අනුව සම්බා වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 120 බැගින්ද, කීරි සම්බා වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 130 බැගින්ද මිලදී ගැනීමට මෙලෙස ණය නිකුත් කෙරෙන බවද රජයේ ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

මේ අතර රජය විසින් දිගින් දිගටම වී සඳහා සහතික මිලක් නියම කිරීම ප්‍රමාද කරමින් සිටින බවට ගොවීහු චෝදනා කළහ.

පෞද්ගලික අංශය වැඩි මිලට වී මිලදී ගනිමින් සිටින නිසා තුට්ටු දෙකට වී මිලදී ගැනීමට බලා සිටින රජයට ගොවීන් වී අලෙවි නොකරන බව වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ. මහින්ද සමරවික්‍රම පැවැසුවේය.

‘‘මේ දිනවල අස්වනු නෙළන කුඹුරුවල වී තොග පෞද්ගලික අංශයෙන් කිලෝව රුපියල් 170ට අරන් අනිත් පැත්තට ඒ වී ටික වේලලා හාල් කිලෝව රුපියල් 290ත් 300ත් අතර මුදලකට විකුණනවා. ආණ්ඩුවට මේක නවත්තගන්න බැරි එකේ කොහොමද වී වලට සහතික මිලක් දෙන්නේ? මේ අය විපක්ෂයේ ඉන්න කාලේ කියපු එකක්වත් බලයට ආවම කළේ නෑ. දැන් රටේ වී අස්වනු නෙළමින් ඉන්නේ’’ යැයිද වලව ගොවි සංවිධානයේ සභාපතිවරයා කියා සිටියේය.

මේ අතර, වී තොග නොමැතිවීම හේතුවෙන් දිවයිනේ කුඩා පරිමාණ වී මෝල් රැසක් වැසී ගොස් ඇත. ඔවුන් කියා සිටියේ ගොවීන් බොහෝදෙනකු වී මිල ගණන් ඉහළ දමා ඇති බැවින් එම මිලට වී මිලදී ගෙන, සහල් නිෂ්පාදනය කර රජයේ පාලන මිලට අලෙවි කිරීමට නොහැකි බවයි.

තවද මේ දිනවල වෙළෙඳසල් බොහොමයක සහල් අලෙවි කිරීමට නොමැති අතර, දේශීය බාස්මතී සහල් පමණක් අලෙවි කිරීමට තිබේ. එම සහල් කිලෝ ග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 250 - 270ත් අතර මිලකටය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us