රට යන අයට සුබ පණිවිඩයක්

Published in පුවත්
Friday, 24 January 2025 12:35

රටවල් සඳහා පත්කරනු ලබන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා නිශ්චිත ඉලක්ක ලබාදී ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසනු ලබයි. 

ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ 2025 වර්ෂය සඳහා වන ආධුනික කණ්ඩායම බඳවා ගැනීමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළහ.

එමෙන්ම තානාපති සේවයට පැරදුණු දේශපාල්ඥයින් වෙනුවට ගෞරවනීය පුද්ගලයින් පත් කරනු ලැබුවේ හොඳ සේවාවක් ලබා ගැනීමේ අරමුණෙන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

මෙහිදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ආසියානු කලාපයේ අනෙකුත් රටවල් සමඟ සංසදනය කරන විට වෙන රටවලට සාපේක්ෂව ශ්‍රමයේ විශාල වටිනාකමක් අපිට තිබෙන බවටයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, ''සාමාන්‍ය ලෝකයේ හොයලා බලද්දී මේ ආසියානු කලාපයේ වෙන රටවලට නැති ශ්‍රමයේ විශාල වටිනාකමක් අපිට තියෙනවා.

ඒ නිසා අපි මේ ලෝක වෙළදපොළ පංගුවෙන් යම් කොටසක් අපි ගන්න ඕනේ. අද ලංකාවේ අවුරුද්දකට ඩොලර් මිලියන 7000ක්.. වැඩිම ඩොලර් ප්‍රමාණය උපයා ගන්නේ විදේශීය රැකියා..

නුපුහුණු ශ්‍රමය.. කරගන්න දෙයක් නැතිව මේ රටේ අම්මලා දරුවෝ දාලා ගිහින් දුක් විදිනවා.. හැබැයි මේ දියුණු මානව සම්පත ලෝක වෙළදපොළේ ශ්‍රම අවශ්‍යතා අනුව හැඩ ගස්සවමින් ඒ ඉඩ ප්‍රස්තාව ලබා ගත්තොත් අපි හිතනවා ඔබට හොඳ අනාගතයක් තියෙනවා..රටට හොඳ අනාගතයක් තියෙනවා..

ඒක තමා වෙනදා නැති විදිහට හොඳ තානාපති සේවයක් පැරදිච්ච දේශපලඥයෝ වෙනුවට තමන්ගේ ජාතීන්ට සලකනවා වෙනුවට හොඳ තානාපති සේවාවක් ගෞරවනීය පුද්ගල‍යින්ගෙන් පත් කළේ..

ඔවුන්ට අපි ඉලක්කයක් දෙනවා.. අපිට ශ්‍රම වෙළදපොළේ මෙච්චර පංගුවක් ඕනේ.. සංචාරකයින් මෙච්චර ප්‍රමාණයක් ලංකාවට ගෙනල්ලා ඕනේ..

අපේ නිශ්පාදන මේ විදිහට අළෙවි කරන්න ලෝක වෙළඳපොළේ ඉඩ ප්‍රස්ථාව හදලා ඕනේ.. එහෙම ඉලක්කයක් දීලා තමා තානාපති සේවය මෙහෙයවන්නේ. ඔබේ අනාගතය අඳුරු නැහැ..''

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us