අර්ච්චුනාට හිත රිදිලා - ආණ්ඩුවට සහායත් නැතිවෙයි Featured

Published in පුවත්
Thursday, 23 January 2025 12:57

අද සිට තමාගේ සහාය කිසිවිටෙකත් ආණ්ඩු පක්ෂයට ලබානොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ දී තමාගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

දින 36කට පසුව තමාට පාර්ලිමේන්තුවේ කතා කිරීමේ අවස්ථාව අද ලබාදුන් බවත් ආණ්ඩුව සාධාරණයක් සිදුකරනු ඇතැයි අපේක්ෂා කළ ද එවැනිනක් සිදුනොවුණ බව ද මන්ත්‍රීවරයා පැවසීය.

මෙයට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා සිටියේ, අර්චුනා මන්ත්‍රීවරයාට කතා කිරීමට වේලාව වෙන්කර දීමා ආණ්ඩුවේ නොව විපක්ෂයේ වගකීමක් බවය.

ඒ වෙනුවෙන් තමා නිතර කථානායකවරයා පවා දැනුවත් කර ඇති බවත් මන්ත්‍රීවරයාගේ කථා කිරීමේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටින බව ද බිමල් රත්නායක මහාත පැවසීය.

මේ අතර විපක්ෂය වෙනුවෙන් පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියේ, විපක්ෂයේ සියලු මන්ත්‍රීවරු සමග කතා කර සාධාරණ ලෙස කාලය වෙන්කිරීමට සහ කතා කරන ස්ථානය වෙන්කිරීමට කටයුතු කළ බවය.

අර්චුනා මන්ත්‍රීවරයා එම කටයුතුවලට එකඟවන්නේ නම් ඒ වෙනුවෙන් අවස්ථාව ලබාදීමට හැකියාව ඇති බව ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා මන්ත්‍රීවරයා,

"මම සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් ලෙස පත්වුණේ මේ සැරේ. ඊට කලින් මම දොස්තර කෙනෙක්. මීඩියාවල මගේ හැසිරීම ගැන කම්ප්ලේන් ඇවිල්ලා තියෙනවා ද ? එක නඩුවක්වත් දේශපාලනයට එන්න කලින් වැටිලා තියෙනවා ද ? හොයලා බලන්න. ඇයි මට ටයිම් එක වෙන් කරලා නැත්තේ. මට ඇයි කොටි කොටි කියලා පීඩනයකට ලක්කරන්නේ. මම කොටි නම් ඇරස්ට් කරන්න. නැත්නම් වෙඩි තියන්න. ඔයාලා මිනී මරලා තියෙනවා. මීනි මරපු ආණ්ඩුවක් තමා මේක...මන්නාරමේ අධිකරණය ඉස්සරහා දෙන්නෙක් මැරුවා. දෙහිවල එක්කෙනෙක් මැරුවා. මාව මැරුවොත් ආණ්ඩුව වගකියන්න ඕනේ."

Last modified on Thursday, 23 January 2025 13:53

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us