ගල්ඔය ගඟේ ඉවුර බින්දේ ගොවීන් - වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්

Published in පුවත්
Tuesday, 21 January 2025 10:18

අම්පාර, නේනකාඩු ප්‍රදේශයෙන් ගල් ඔයේ ඉවුරු කැඩී යෑමට ගොවීන්ගේ අක්‍රමවත් වගා ක්‍රම හේතු වී ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර පැවසීය.

ගල් ඔයේ ඉවුරට හානිවන අයුරින් ගොවීන් වී වගා කර ඇතැයි කී අධ්‍යක්ෂ ජනරාල්වරයා සේනානායක සමුද්‍රයෙන් මුදාහරින ජල ධාරිතාව දරා ගැනීමට එම ඉවුර ශක්තිමත්ව පිහිටා නැතැයි සඳහන් කළේය.

ඉකුත් දින කිහිපයේදී අම්පාර ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් ලැබුණු බව කී හෙතෙම සේනානායක සමුද්‍රය වසර දහයකට පසුව වාන් දැමීම හේතුවෙන් තප්පරයට ඝන අඩි 1,200ක ජල ධාරිතාවක් මුදාහැරි බව ද ප්‍රකාශ කළේය.

සේනානායක සමුද්‍රය යටතේ වගා කළ කුඹුරු අක්කර 120,000න් අක්කර 1,000ක් පමණ ඉවුර කැඩී යෑමෙන් යට වී ඇතැයි කී අධ්‍යක්ෂ ජනරාල්වරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ ගොවි රක්ෂණ මණ්ඩලයෙන් වගා හානි කුඹුරු ප්‍රමාණයේ සත්‍ය තොරතුරු ඉල්ලා ඇතැයි කීය. ඉදිරි දින කිහිපයේදී ජලය බැසගිය පසුව අම්පාර වාරිමාර්ග කාර්යාලයේ සහායෙන් ගල් ඔයේ ඉවුර යළි සැකසීමට පියවර ගන්නා බවද ගුණසේකර මහතා පැවසීය.

මව්බිම

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us