කන්ටේනර් 4000 ක් වරායේ හිරවෙලා. රේගුව පැය 24 වැඩ නැතිලු

Published in පුවත්
Tuesday, 21 January 2025 10:22

තවමත් නිෂ්කාශනය කර නොමැති බහාලුම් 4000ක් පමණ කොළඹ වරාය තුළ ගොඩගැසී තිබෙන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

වරායෙන් පිටතට යෑමට බහාලුම් පටවාගත් ලොරි රථ 600ක් පමණ තවදුරටත් වරාය පරිශ්‍රය තුළ ගාල් කර ඇති බව ද එම සංගමයේ සභාපති සනත් මංජුල සඳහන් කළේ ය.

මේ පිළිබඳව වරාය වෘත්තීය සමිති ප්‍රධානීන් කිහිප දෙනෙකුගෙන් විමසීමක් කළ අතර ඔවුන් පැවැසුවේ රේගුව විසින් පැය 24ම අදාළ සේවා ලබාදෙන බවට පැවැසුවද එම කටයුතු සිදුනොවන නිසා මෙම ප්‍රමාදය ඇති වී ඇති බවයි.

මෙම බහාලුම් සඳහා රේගු පරීක්ෂණ සිදුකිරීමට නව ස්ථානයක් ලබා දෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ද එම ලබා දෙන ස්ථානය රේගු පරීක්ෂා සිදුකිරීමට අවශ්‍ය වන පරිදි පසුබිමක් සැකසිය යුතු බවද වරාය වෘත්තීය සමිති ප්‍රකාශකයෙක් කීය.

මෙම බහාලූම් වරාය තුළ සිරවීම නිසා අධික ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුවන බවද එම මුදල් ගෙවීමට සිදුවන්නේ ඩොලර්වලින් බවද ඔහු කීය.

මෙම ප්‍රශ්නය පිළිබඳ බලධාරීන්ට දැනුම් දුන්නද මෙම බහාලූම් දිගින් දිගට ම වරායේ ගොඩගැසුණහොත් ආනයනික භාණ්ඩ ප්‍රවාහනයේ දැඩි ගැටලුවක් ඇතිවිය හැකි බවද බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

මෙම බහාලුම් නිෂ්කාශන කටයුතු ප්‍රමාදය පිළිබඳව හා ඊට ගත යුතු පියවර පිළිබඳව හෙට (ජන. 22) විශේෂ සාකච්ඡාවක් තම වෘත්තීය සමිති සියල්ල සමග පවත්වන බව සමගි ජන බලවේග ජාතික වෘත්තීය සමිති ලේකම් ප්‍රියන්ත පත්බේරිය පැවසීය.

මෙම තත්ත්වය ඇති වී ඇත්තේ, බලධාරීන් මෙම ගැටලුව නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා බවද එම නිසා ඊට විපක්ෂ වෘත්තීය සමිති ලෙස ගත හැකි ක්‍රියාමාර්ග ගන්නා බවද රටේ භාණ්ඩ හිඟයක් ඇතිවීමට පෙර මෙම ගැටලුව විසඳීමට තම වෘත්තීය සමිති පෙරමුණ ගෙන කටයුතු කරන බවද ප්‍රියන්ත පත්බේරිය කීය.

පසුගිය 18 වන දා පෙරවරු 6;30න් අවසන් වූ පැය 24 තුළ ප්‍රධාන පර්යන්තයෙන් බහාලුම් 2293ක් මුදාහල බව නිවේදනයක් නිකුත් කරමින් වරාය අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

එම කාලය තුළ ශ්‍රී ලංකා රේගුව නිෂ්කාශනය කර වරායේ ගේට්ටුවෙන් මුදාහල බහාලුම් ප්‍රමාණය 2074ක් බවද එහි සඳහන් කර තිබේ.

වරාය පර්යන්තයෙන් පිට වූ බහාලුම් ප්‍රමාණයට වඩා වරාය ගේට්ටුව තුළින් පිටවූ බහාලුම් ප්‍රමාණය අඩු නිසා බහාලුම් තදබදය අඩු වී නැති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කර ඇත.

මව්බිම
--

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us