දේශපාලකයන් කිසිවකුට රජයේ නිල නිවාස නොදෙන්න තීරණයක්

Published in පුවත්
Tuesday, 21 January 2025 10:14

හිටපු ජනාධිපතිවරුන්‌ පාවිච්ච්‌ කරන රජයේ නිල නිවාසවල වටිනාකම සම්බන්ධයෙන්‌ සම්පූර්ණ තක්සේරු වාර්තා ලබා ගැනීමට රජය තීරණය කර ඇත.

මෙයට අමතරව රටේ විවිධ ස්ථාන වල පවතින ජනාධිපති මන්දිර සහ හිටපු ඇමතිවරුන්ගේ නිල නිවාස සම්බන්ධයෙන්ද තක්සේරු වාර්තා ගැනීමට මේ දිනවල කටයුතු කරමින්‌ සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන්‌ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ලවා පසුගිය සතියේ දී තක්සේරුවක්‌ කරගෙන ඇති බවත්‌ එම තක්සේරුවට අනුව එහි මාසික කුලිය ලක්ෂ 46 ක්‌ පමණ වන බවත්‌ ආරංචි මාර්ග සඳහන්‌ කරයි. නමුත් මෙම නිවාස ලබා දී තිබෙන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සහ පහසුකමක් ලෙස රජයෙන් ලැබෙන වරප්‍රසාදයක් ලෙසිනි.

විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකුට නිල වශයෙන්‌ හිමි වැඩකටයුතු ඉටුකර ගැනීම සඳහා කාර්යාලයක්‌ සහිත නිල නිවසක්‌ ව්‍යවස්ථානුකූලව හිමිවෙයි. කාර්ය මණ්ඩලයේ වැටුප් පවා රජයෙන් ගෙවනු ලබයි.

විධායක ජනාධිපතිවරයෙකුට සිය ධුරයෙන්‌ විශ්‍රාම ගැනීමෙන්‌ පසු කැබිනට්‌ අනුමැතියක්‌ ඉල්ලා සිටිය ද, නොසිටිය ද නිල නිවසක්‌ ලබාදීමට රජය බැඳී සිටින බවද පැවසේ . එහි වගකීම ඇත්තේ ජනාධිපති කාර්යාලයට බවත්‌ සියලූම විධායක ජනාධිපතිවරුන්ගේ
නිල නිවාස නඩත්තුව සහ සෙසු අයිතිවාසිකම්වල පරිපාලන බලය හිමිවන්නේ ජනාධිපති ලේකම්වරයාට බවත්‌ සදහන්‌ වේ

පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම කුලී මුදල නොගෙවන්නේ නම් එම නිවාසයෙන් ඔහුට ඉවත් කරන බවට ප්‍රසිද්ධියේ පවසා තිබිණි.

එමෙන්ම හිටපු ජනාධිපතිවරුන්ට සහ ඇමතිවරුන්ට මින්‌ ඉදිරියට රජයේ නිල නිවාස නොදීමට රජය තීරණයක්‌ ගෙන ඇති බවත් වාර්ථා වේ.

එසේම වත්මන් ජනාධිපතිවරයා ද නිල නිවාස ලබා නොගැනීමට තීරණය කර අත. මෙම තක්සේරු කිරීම ආරම්භ කර ඇත්තේ එම තීරණයෙන්‌ පසුව බව දැනගන්නට ඇති අතර එම නිවාස වලින්‌ කොටසක්‌ සංචාරක කටයුතු සඳහා පලදායි ලෙස යොදා ගැනීමට බලාපොරොත්තු වන බවත් පැවැසේ. ඒ අනුව එම නිවාස සංචාරක මණ්ඩලයට පවරාදීමට කටයුතු කෙරෙයි.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ හේමා ප්‍රේමදාස මහත්මියට පළමුව ස්ටැමෝර්‌ චන්ද්‍රවංකයේ නිවසක්‌ ලබාදී තිබූ අතර පසුව කොළඹ 07, ග්‍රෙගරි මාවත, සී 80 දරන නිවස ඇයගේ පදිංචියට දෙන ලදී.

මෙරට හතරවන විධායක ජනාධිපතිවරිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය විශ්‍රාම දිවිය ගත කිරීම සඳහා තෝරාගත්තේ නිදහස්‌ මාවතේ අංක 27 දරන නිවසයි. විශාල භූමි භාගයක පිහිටි එම නිල නිවස ඇය අදටත්‌ පරිහරණය කරන්නීය.

මෙරට පස්වන විධායක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන්‌ විශ්‍රාම ගැනීමෙන්‌ පසු වත්මන්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමට පෙර අමාත්‍යවරයෙකු ලෙස භාවිත කළ කොළඹ 07 විජයරාම මාවතේ අංක 11
දරන නිවස ඔහුගේ නිල නිවස ලෙස පාවිච්චි කිරීමට දුන්නේය

විශ්‍රාම ගිය පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පදිංචියට තෝරාගෙන ඇති මහගමසේකර මාවතේ නිවෙසේ ඔහු දැනටත්‌ පදිංචිව සිටී.

ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ 7 ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ නිවෙසක පදිංචිව සිටී.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us