කුකුළු මස් අලෙවිය පහත වැටේ

Published in පුවත්
Tuesday, 21 January 2025 09:15

ජනතාවට ප්‍රමාණවත් පරිදි ආදායම් තත්ත්වයක් නොමැතිවීම නිසා දෛනික කුකුළු මස් අලෙවිය මෙට්‍රික් ටොන් 100 කින් අඩුවී ඇතැයි ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර පැවසීය.

සාමාන්‍යයෙන් දිනකට කුකුළු මස් මෙට්‍රික් ටොන් 600 ක් අලෙවි කෙරුණද, මේ වන විට දෛනික කුකුළු මස් අලෙවිය මෙට්‍රික් ටොන් 500 ක් දක්වා අඩුවී ඇතැයිද ඔහු කියා සිටියේය.

කුකුළු මස් සඳහා පවතින ඉල්ලුම අඩුවීමත් සමග ශීත කළ කුකුළු මස් කිලෝවක මිල (සම සහිත) රුපියල් 800 ක් දක්වා පහත වැටී ඇත. බිත්තරයක මිලද මේ දිනවල රුපියල් 30 ත් 33 ත් අතර මිලක් දක්වා අඩුවී ඇති බවද සභාපතිවරයා කීවේය.

කුකුළු මස් සහ බිත්තර මිල ගණන් අඩුවීම නිසා කුකුළු ගොවිපොළ හිමියන්ට නිෂ්පාදන වියදමවත් පියවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයිද ඔහු පැවසීය.

ඒ අනුව, කුකුළු මස් කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 750 ක්ද, බිත්තරයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 34 ක්ද වැයවන බවද ඔහු කීවේය.

කුකුළු ගොවිපොළවල නිෂ්පාදන වියදමෙන් සියයට 75 ක් සත්ව ආහාර සඳහා වැයවන බවත්, සත්ව ආහාර සඳහා වැට් ඇතුළුව සියයට 20 ක බදු අය කිරීම නිසා කුකුළු ගොවිපොළ හිමියන් දැඩි අසීරුතාවට පත්ව සිටින බවත් සභාපතිවරයා පැවසීය.

සත්ව ආහාරවලින් බදු අය කිරීම අඩු කිරීමට රජය පියවර ගන්නේ නම් කුකුළු මස් සහ බිත්තර අඩු මිලට පාරිභෝගික ජනතාවට අලෙවි කිරීමට හැකි බවද ඔහු කීවේය.

බිත්තරයකින් රුපියල් 6 ක්ද, කුකුළු මස් කිලෝවකින් රුපියල් 220 ක්ද බදු වශයෙන් රජයට ගෙවීමට කුකුළු ගොවිපොළ හිමියන්ට සිදුවී ඇතැයිද ඔහු පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us