සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහනයක්

Published in පුවත්
Tuesday, 21 January 2025 09:02

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහනයක් ලබාදීමට ආණ්ඩුව ඉදිරියේ දී පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, මින් ඉදිරියට කිසිදු මන්ත්‍රීවරයෙකුට වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා නොදෙන බවය.

ඊයේ (20) රාත්‍රී ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමඟ එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී විජිත හේරත් අමාත්‍යවරයා අදහස් පළ කළේය.

"පර්මිට් දෙන්නේ නෑ. දැන් ඒක නතර කරලා තියෙන්නේ. ඒක පැහැදිලියි."

ප්‍රශ්නය - පර්මිට් එක කාලයකට කලින්ම නතර වුණානේ ?

"ඒ ඇවිල්ලා පර්මිට් එක දෙනවා. වාහනය ගේන්න දෙන්නේ නෑ නේ. මන්ත්‍රීවරුන්ට නෙමෙයි. රජයේ සේවකයින්ට."

ප්‍රශ්නය - මන්ත්‍රීවරුන්ගේ පර්මිට් එක නතර කළේ ගෝඨාභය ජනාධිපතිතුමා?

"මන්ත්‍රීවරුන්ගේ එක නතර කළා. ඒ නතර කළේ තාවකාලිකව. අපි එහෙම නෙමෙයි. ප්‍රතිපත්තියක් විදියටම දෙන්නේ නෑ. ඒක වෙනස්. පාර්ලිමේන්තු සියලු මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ විතරක් නෙමෙයි. විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට තමන්ගේ රාජකාරි කිරීම සඳහා වාහනයක් රජයෙන් ලබාදෙනවා. ඒක පාවිච්චි කරන ක්‍රමවේදය අපි වෙනස් කරනවා. හැමෝටම එක සමාන විදියට දෙන්න වෙනවා. අපි මැතිවරණ කාලේ කිව්වේ ජනතාවට අපි පර්මිට් කියන එක අහෝසි කරනවා. කිසිදු මන්ත්‍රීවරයෙකුට පර්මිට් එක දීලා ඩියුටි ෆී වාහන ගෙනල්ලා විකුණන්න දෙන්නේ නෑ. රාජකාරීමය අවශ්‍යතාවය සඳහා මන්ත්‍රීට ඇමතිට වාහනයක් තියෙන්න ඕනේ කියලා පිළිගන්නවා. කැමති නම් බස් එකේ එන්නත් පුළුවන්... පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට වාහනයක් දෙන්නේ නෑ කියලා අපි කවදාවත් කියලත් නෑ. කියන්නෙත් නෑ."

ප්‍රශ්නය - ඔබතුමන්ලා ප්‍රතිපත්තියක් විදියට කිව්වද ? පාර්ලිමේන්තුවේ 225ටම අපි ආවට පසසේ වාහනයක් දෙනවා කිව්වද ? මට නම් අලුත් වාහන දෙනවා කියලා කියනවා මතක නෑ ?

"පාවිච්චි කරපු වාහන දෙනවා නම් හැමෝටම එක වර්ගයෙන් දෙන්න ඕනේ. එක මට්ටමින් දෙන්නත් ඕනේ. නැත්නම් ආය ප්‍රශ්නයක් මතුවෙනවා. බොහෝම පැහැදිලිව අපි කියපු ප්‍රතිපත්තිය වාහනයක් සම්බන්ධයෙන් වසර 5 සඳහා යම් වාහනයක් ලබාදෙනවා. පාවිච්චි කරන ක්‍රමවේදයට විකල්ප දෙකක් තියෙනවා. එකක් තමා වාහනය පාවිච්චි කරලා වසර 5 අවසානයේ රජයට භාරදීලා යන එක. දෙක වාහනයේ එවකට වටිනාකම රජයට දීලා වාහනය තමන්ට හිමිකර ගන්න එක. ඒකේ වෙනසක් නෑ."

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us