විදුලි ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය ප්‍රකාශයට පත්කිරීම අද

Published in පුවත්
Friday, 17 January 2025 08:29

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අවසන් වාර්තාව මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද (17) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

ඉදිරි මාස 6 සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකර පවතින ආකාරයෙන්ම පවත්වාගෙන යා යුතු බවට විදුලි බලමණ්ඩලය විසින් යෝජනාවක් ඉදිරිපත්කර තිබුණි.

කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන්ද ඊට ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කළේය.

ඒ අනුව එම යෝජනා සැලකිල්ලට ගනිමින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගැනීම පසුගිය වසරේ දෙසැම්බර් 17වනදා ආරම්භ කළ අතර, එය පසුගිය 10 වනදා අවසන් විය.

එම සැසිවාරයන්වල දී පුද්ගලයින් 400 දෙනෙකු පමණ යෝජනා ඉදිරිපත් කිරීම සිදුකළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

ඒ අනුව විදුලි ගාස්තුව සියයට 20ක පමණ ප්‍රතිශතයකින් අඩුවිය යුතු බවට ජනතාවගෙන් ඉදිරිපත් වූ යෝජනාවල ඇතුළත්ව ඇත.

එම සියළු යෝජනා අධ්‍යයනය කිරිමෙන් අනතුරුව විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතුද නැද්ද හෝ ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නම් එය කුමන ප්‍රතිශතයක්ද යන්න පිළිබඳව නිර්දේශ ඇතුළත් වාර්තාව අද දිනයේ නිකුත් කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us