තැපැල් සේවකයන් අරගලයකට සැරසේ Featured

Published in පුවත්
Friday, 17 January 2025 08:58

තැපැල් සේවකයන්ගේ වෘත්තීය ගැටලු විසඳීමට රජය නිසි අවධානය යොමු නොකරන්නේ නම් අරගලවලට යොමුවීමට සිදුවනු ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

මෙමස 19 වැනිදායින් පසුව සිය ගැටලුවලට ස්ථිර විසඳුමක් නොලැබෙන්නේ නම් දැනුම් දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට සිදුවන බවද එම පෙරමුණේ නියෝජිතයෝ කියා සිටිති.

කොළඹදී පෙරේදා (15 වැනිදා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව අනාවරණය කළේය.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මෙහිදී කියා සිටියේ තැපැල් සේවකයන්ගේ වැටුප් ගැටලුව විසදා ගැනීම සඳහා ආරම්භක පුරෝගාමීන් වූයේ ජනතා විමුක්ති පෙරමුණේ තැපැල් වෘත්තීය සමිති නියෝජිතයන් බවය. මේ නිසා වර්තමාන රජය බලයට පත්වීමට පෙරදී වැටුප් සම්බන්ධයෙන් ලබාදුන් යෝජනා මෙවර අයවැයෙන් ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු කීය.

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන්ට ඉකුත් 2015 වසරින් පසුව වැඩි කිරීමක් සිදු කර නොමැති බවත්, එම වර්ෂයෙන් පසුව දීමනා වැටුපට එල්ලා තිබුණද, තැපැල් සේවකයන් විශ්‍රාම යද්දී එම දීමනා නොලැබෙන බවත් ඔහු පැවැසීය.

තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2,000 කගේද, කනිෂ්ඨ සේවකයන් 4,000 කගේද පුරප්පාඩු පවතින බවද ඔහු පැවැසීය.

තැපැල් සේවක වැටුප් ගැටලුවලට නිසි විසඳුමක් ලබාදීමට කටයුතු නොකළහොත් වර්තමාන රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වනු ඇතැයිද ඔහු පැවැසීය.

වර්තමාන රජය සිය මති මතාන්තරවලට අනුව කටයුතු කරන්නේ නම්, එම වෘත්තීය සමිති පෙර පැවැති ගමන් මග අමතක කර නව ගමන් මගකට යාමට කටයුතු කරන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ යුගයක් නැවත රට තුළ ඉස්මතුවීමට වැඩි කාලයක් නොයනු ඇතැයිද ඔහු පැවැසුවේය.

තැපැල් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවා ගැනීම් සිදුකළ යුතුව ඇතැයි ද තැපැල් වෘත්තීය සමිති නියෝජිතයන් පවසති.

වර්තමාන රජය මාධ්‍යවලට සිය මතයන් ඉදිරිපත් කිරීමට ඉඩ නොදීමට කටයුතු කරන බවත්, මාධ්‍ය ආයතනවලට ද වෘත්තීය සමිතියක් ලෙස සිය සහයෝගය ලබා දෙන බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ කියයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us