පිළිතුරු පත්‍ර ඇගයීමට ගවුම්වලින් සැරසී පැමිණි ගුරුවරියන් පිරිසක් හරවා යවයි

Published in පුවත්
Friday, 17 January 2025 08:24

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයට පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගවුම්වලින් සැරසී පැමිණි ගුරුවරියන් පිරිසක් හරවා යැවීමට කටයුතු කර තිබේ.

ඊයේ (16) දිනය පාසල් පැවැත්වෙන දිනයක් බැවින් පාසල තුළට පැමිණිය යුත්තේ සාරිය හැඳගෙන වුවද ඔවුන් ගවුම්වලින් සැරසී පැමිණීම හේතුවෙන් එම පාසලේ විදුහල්පතිනිය විසින් ඔවුන් පාසලට ඇතුළු කරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් ය.

මෙහිදී පිළිතුරු පත්‍ර ඇගයීමට පැමිණි ගුරුවරියන් පවසා ඇත්තේ එම ඇගයීම් මධ්‍යස්ථානයේ පාලනය විභාග කොමසාරිස් ජනරාල්වරයා සතු බැවින් ඒ පිළිබඳව විදුහල්පතිනියට වගකීමක් නොමැති බවය.

විදුහල්පතිනිය පවසා ඇත්තේ පාසලක යම් විනයක් ඇති බවත් පාසල තුළට පැමිණෙන සියලුදෙනා ඊට අනුගත විය යුතු බවය.

එහිදී දෙපිරිස අතර යම් බහින්බස්වීමක් ද සිදුවී ඇති අතර එය පාලනය කිරීම සඳහා පොලීසිය කැඳවීමට ද පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් එහිදී ද දෙපිරිසටම එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇති අතර, විභාග කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් දී ඇත්තේ එම මධ්‍යස්ථානය තාවකාලිකව වසාදමන ලෙසටය.

මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ඒ පිළිබඳ අද (17) සාකච්ඡා කර තීරණයක් ගන්නා බවය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us