එම ආසනයේ හිටපු සංවිධායක වූ නීතිඥ විශ්වනාත් කුලතුංග මහතා පක්ෂ නීතියට සහ විනයට හානිදායක අන්දමින් මාධ්‍යයට ප්‍රකාශ කරමින් හැසිරී ඇති නිසා පෙරේදා 16 දා සිට ඔහුගේ ආසන සංවිධායක ධුරය අත්හිටුවා තිබේ.
හිටපු ආසන සංවිධායක නීතිඥ කුලතුංග මහතාගේ පක්ෂ සාමාජිකත්වයද මේ අනුව අහෝසි වන අතර ඒ බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බණ්ඩාරවෙල නගරයේ පැවැති ජනහමුවකදී ප්‍රකාශ කර ඇත.