ඖෂධ වර්ග 56ක හිඟයක් ! එම ඖෂධ ලැබෙන්න අවුරුද්දකට කිට්ටු කාලයක් යනවා -සෞඛ්‍ය ඇමති කියයි

Published in පුවත්
Monday, 06 January 2025 10:00

ඖෂධ වර්ග 56ක හිඟයක් ඇති බවත් එම ඖෂධ නිෂ්පාදනය කර ලැබෙන විට මාස 9ක කාලයක් ගතවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි පවසයි.

ජාතික ජන බලවේගයේ යටිනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලය පිළිමතලාව ඇඹිල්මීගම ප්‍රදේශයේ ඊයේ (05) පස්වරුවේ විවෘත කරමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

‘‘මේ නිසා ඇතැම් බෙහෙත් රාජ්‍ය මට්ටමින් ගෙන ඒමට අප කටයුතු කර තිබෙනවා. පොල් ප්‍රශ්නය ගත්තත් සහල් ප්‍රශ්නය ගත්තත් ඒවා නිෂ්පාදනය වැඩි කරන්න සෑහෙන කාලයක් ගත වනවා. ඇමැතිකම අර ගෙන මාසයක් තුළ සියලු ප්‍රශ්න විසඳන්න බෑ. විපක්ෂයට හා අනිත් අයට තිබෙන හදිසියක් අපට නෑ. ලින්කන් කියා තිබෙනවා ගහක් කපන්න පැය 10 දී තිබෙනවා නම් ඉන් පැය 06 පොරොව මුවහත් කරන්න ගත වෙනවා කියා. එසේම එම ගස කැපීය යුතු නිවැරදි දිශා නිතිය හඳුනා ගන්න තව කාලයක් ගත වෙනවා. එවිට ඕනෑම රූස්ස ගහක් හානියක් නැතුව බිම දැමිය හැකියි. අපි මේ කරන්නේ දුවන ගමන් වාහනයක් රෙපෙයාර් කරනවා වගේ වැඩක්. ඇතැම් කොටස් අලුතින් දැමිය යුතුයි, ඇතැම් කොටස් ගෙවිල තිබෙනවා. අනවශ්‍ය කොටස් ඉවත් කළ යුතුයි. අලුතින් කොටස් දැමිය යුතුයි. මේ සෑම දෙයක්ම කරන්න වාහනය නතර කරන්න බෑ. මේ සඳහා ජනතාව වසර 05 කාලයක් ලබා දී තිබෙනවා. අපි මේ කරන්නේ පළපුරුදු කළ පුරුද්ද ඇති අයට කළ නො හැකි වූ දේවල් නිවැරදි දිසා නිතියට රට ගෙනයෑමට ඊටත් වඩා වැඩි කාලයක් යාවි. අපි කරන වැඩ ගැන ඔබට සන්නිවේදනයක් නොලැබීම අඩුවක්. නමුත් අපේ වගකීම මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නොව භාර ගත් කාර්ය හරියට ඉටු කර එය ඔබට දැනුම්දීම.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් ගැටලුවලට නිලධාරීන් හා එක්ව විසඳුම් සොයලා ඇතැම් දිනවල මාත් අමාත්‍යවරයාත් එළියට එන විට රාත්‍රි 10-11 වෙනවා. එනිසා ඔබේ ගැටලු විසඳීමට යම් ප්‍රමාදයක් සිදු වුණා. ඉදිරියේ දී මා මෙම කාර්යාලයේ දී හමුවීමට හැකි දින ලබා දෙන අතර මෙම කාර්යාලයේ සිටින අයගෙන් පැමිණ හෝ දුරකථන ඇමතුමකින් ඔබේ අවශ්‍යතාව ඉටු කර දීමට කටයුතු කරනවා. එසේම මගේ අමාත්‍යාංශයේත් ඒ සඳහා කඩිනම් දුරකතන අංකයක් ලබා දෙනවා. ඒ පිළිබඳ පසු විපරමක් ද සිදු කරනවා. මා යම් රැස්වීමෙන් රාජකාරියක යෙදී සිටින විට දුරකතන ඇමතුම් 100 ආවෙත් ඒ සියල්ලට ම පිළිතුරු දීමට අවස්ථාවක් නොමැති නිසා ඔබේ ගැටලුව කාර්යාලයට ලබා දෙන්න. මා මෙම කාර්යාලයට පැමිනෙණ දින ඔබේ මා හට ඉදිරිපත් කළ හැකියි. මේ කාර්යාලය සෑම දිනකම විවෘතව තබන කාර්යාලයක් කරනවා.’’

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us